මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.


ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනය තුළ පමණක් වෛරසය ආසාදනය වු පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වු බව අමාත්‍යවරිය අද දෙරණ නාලිකාවේ විකාශය වන 360 වැඩසටහන සමඟ එක්වෙමින් පැවසීය.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට මෙරට පුද්ගලයින් 220 දෙනකු සහ විදේශිකයින් 07 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 18ක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අලුතින් කොරෝනා ආසාදිත රෝගීන් 9 දෙනෙකු පෙරේදා දිනයේ හඳුනා ගැනුණු අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකුම වර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

තවත් තිදෙනෙක් කොළඹ දිස්ත්‍රිකයෙන් වර්තා වුණු අතර ප්‍රථම වරට පෙරේදා යාපනය දිස්ත්‍රිකයෙන්ද එක් කොරෝනා රෝගීයෙකු වාර්තා විය.

මේ අතර පළමු ‍‍කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයා ඊයේ සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගියේය.

මීගමුව බන්ධනාගාර රෝහල ස්වයං නිරෝධායනයට

මේ අතර රිය අනතුරක් සම්බන්ධ හේතුවකට මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරගතව, එහි රෝහල් ගතව සිටි ඉතාලියේ සිට පැමිණි අයකු මුදාහැරීමෙන් පසු ඔහුට කොරෝනා රෝගය වැළඳී තිබූ බව අනාවරණය වී ඇත.

ඒ අනුව බන්ධනාගාර රෝහලේ සිටි සියලු සිරකරුවන් වෙනමම ස්වයං නිරෝධායනයකට ලක්කර ඇත.

බන්ධනාගාර රෝහලේ සිටි සියලුම සිරකරුවන් බන්ධනාගාරයේ වෙනමම වාට්ටුවල රඳවා නිරෝධායනයට ලක්කර තිබේ.

රිය අනතුරකට රිමාන්ඩ් භාරයට පත්වූ ඉතාලියේ සිට පැමිණි මෙම පුද්ගලයා ඉහළ පොලිස් නිලධාරියකුගේ ඥාතියකු වීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර රෝහලට යවා තිබිණි.

රිමාන්ඩ් භාරයෙන් මුදාහැරි මෙම පුද්ගලයා උණ රෝගය හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමේදී ඔහුට කොරෝනා වැලඳී ඇතැයි අනාවරණය වී ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්