ඕස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් ගණන1887 දක්වා ඉහළට :  නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තත්ත්වය බරපතලයි  

එක් දිනකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (මාර්තු 23) වාර්තා විය.

ඒ අනුව ඊයේ දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 149 ක් වූ අතර අද උදෑසන විට එම ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 818 ක් ලෙස සඳහන් වේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ වන විට කොරෝනා මරණ 6 ක් ද වාර්තා වේ.

අද (24/03) උදෑසන වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1887 ක් ලෙස වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 411 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 319 දෙනෙකු වාර්තා වන බවද සඳහන් වේ.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 140 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 134 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 28ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 32 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5 ක් ලෙස දැක්වුණි.
pic AS 2020
වැඩිදුරටත්  තොරතුරු ලින්ක් Coronavirus (COVID-19) current situation and case numbers  එකෙන් බලන්න 


කොරෝනා වලින් වැළකීම සඳහා ඔස්ට්‍රේලියාවේ උපදෙස් :
Screen Shot 2020 03 24 at 1.34.54 PM
කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම ශීග්‍රයෙන් සිදුවන නිසා නව නීති කිහිපයක්ම හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

එහිදී "social distancing" හෙවත් පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම බරපතල ලෙස අවධාරණය කර ඇත.

මෙම පුද්ගල දුරස්ථභාවය යටතේ සිප ගැනීම්, වැළඳගැනීම්, අතට අත දීම් සහ පුද්ගලයින් දෙදනෙකු අතර අවම පරතරය මීටර් 1.5 ක් තබා ගත යුතු බව පැවසේ.

(උපුටා ගැනීම : sbs.com.au)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්