ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයක් ජුනි 19, 20, 21, 22 සහ 23 යන දිනයන්හිදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික
සම්මන්ත්‍රණය ශාලාවේදී (BMICH )හි දී සෑම දිනකම පෙ.ව.9.00 සිට ප.ව. 9.00 දක්වා පැවැත්වෙයි.
දහසකුත් එකක් බාධක මැද උත්සාහයෙන් නැගී සිටීමට වෙර දරන ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සහ නව තාක්ෂණය හඳුන්වාදීමේ අරමුණින් මෙවැනි ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයට ස්තූතිවන්ත වන බව CF Ceylon Federation Of M S M E සභාපතිනි සසිකා ද සිල්වා ප්‍රකාශ කළාය.
මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර විසිපහක නවෝදය, අපේ කර්මාන්තකරුවන්ට දේශිය හා විදේශීය ව්‍යාපාරික අවස්ථා ඇතිකරලීම, නව ආයෝජන අවස්ථා ගොඩනැගීමට උදව් කිරීම සහ අඩු පොලි ණය පහසුකම් පිළිබඳව දැනුවත් කිරීම යන අරමුණු කිහිපයක් ජයගැනීමට පැවැත්වෙන ප්‍රදර්ශනය ඉතා වටිනාකමක් එකක් බව ද ඇය කීවාය.
කර්මාන්තකරුවන්ට හා ව්‍යසායකයින්ට නව මඟ පෙන්වීමක් ලබාදෙන මෙම ප්‍රදර්ශනය අවස්ථාවට වැඩි වශයෙන් සහභාගී වි තම දැනුම, අත්දැකීම්, අවස්ථා වැඩි කර ගන්න ලෙස ඇය කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක් ද කළාය.
ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සහ නව තාක්ෂණය හඳුන්වාදීමේ අරමුණින් මෙවැනි ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයට ස්තූතිවන්ත වන බව CF Ceylon Federation Of M S M E සභාපතිනි සසිකා ද සිල්වා ප්‍රකාශ කළාය.
මේ වන විට මෙරට කර්මාන්ත කරුවන් මුහුදෙන ගැටලු රාශියකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් රජයෙන් විසඳුම් ලබා ගනිමින් සිටි. විශේෂයෙන් පරාටයේ නීතිය තාවකාලිකව අත්හිටුවීම තුළින් සහන ලබා ගැනීමටත් ව්‍යසායක ප්‍රජාව සූදානම් කරමින් සිටිති.
ඔවුන්ට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරණ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාවට නැගිට අවශ්‍ය නීතිරීති සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ. ඒ සඳහා අධිකරණ, බන්ධනාගාර, නීති ප්‍රතිසංස්කරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ, මුදල් රාජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය රංජිත් සියඹලා පිටිය, ෂෙහාන් සේමසිංහ යන මැති ඇමතිවරුන් කටයුතු කරමින් සිටිති.
මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව මෙමස 23 උදේ 9.00 සිට 12.00 දක්වා කාලය තුළ BMICH හිදී කර්මාන්තකරුවන්ට උපදෙස් ලබන්නේ විශේෂ සම්මන්ත්රයක් පැවැත්වේ .
එම සම්මන්ත්‍රණයට සහභාගි වීම තුළින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව අවබෝධයක්, යම් යම් සහන ලබාගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාගත හැකි බවද සභාපතිනි කීවාය.
මීට අමතරව අඩු පොලී අනුපාත යටතේ රුපියල් මිලියන 5 දක්වා සහන ණය ලබාගැනීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් දැනුවත් කිරීමද මෙම සම්මන්ත්‍රණය සිදුවේ.
කර්මාන්ත ප්‍රදර්ශන නැරඹීමෙන් පමණක් නොව ඊට සහභාගී තම දැනුම අත්දැකීම් සහ නව ආයෝජන අවස්ථා දිනගන්න ලෙස ඇය ව්‍යවසායක ප්‍රජාවගෙන් ඉල්ලීමක්ද කළාය.
ගතවූ වසර 2018 සිට මේ දක්වා කාලපරිච්ඡේදය තුළ කර්මාන්තකරුවන්ට ව්‍යසායකයින්ට මුහුණ දීමට සිදු වූ අභියෝග ගන්න අතිවිශාලය. එවැනි අභියෝග හමුවේ පවා මේ වන විට කර්මාන්ත ක්ෂේත්රය යම් වර්ධනයක් වාර්තා කරමින් සිටි. එම වර්ධනය ඉදිරියට වඩාත් තිරසාර සහ සාර්ථක ලෙස ගොඩනඟා ගැනීමට මෙම ප්‍රදර්ශනයේදී මහත් ශක්තියක් ලැබෙන බව ද CF Ceylon Federation Of M S M E සභාපතිනි සසිකා ද සිල්වා කීවාය.
(ජේ. මුණසිංහ)