ලිංගික අයිතිවාසිකම් පිළිබඳව වගේම ගබ්සා කිරීම් සම්බන්ධයෙන්, ගණිකා වෘත්තීය සම්බන්ධයෙන් රට ඇතුළේ ජාතික කතිකාවතක් ඇති විය යුතු යැයි එක්සත් ජනරජ

පෙරමුණේ නායකයා ප්‍රකාශ කර තිබේ.

ලිංග වශයෙන් මිනිස්සුන්ගේ විභේදනයන් පිළිබඳව රට තුළ මෙන්ම ලෝකයේ ද විවාදයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළේය.

දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශන වඩා ප්‍රායෝගික සහ තක්සේරු කළ හැකි ඒවා බවට පත් කරගැනීම වෙනුවෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) විසින් සිදු කරන ලද අධ්‍යයනයක් පදනම් වෙමින් නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන රාමුව සම්බන්ධයෙන් යෝජනා සහ එකඟත්වය ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් එක්සත් ජනරජ පෙරමුණ අතර අද (20) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණ අතර ඉන් පසු මාධ්‍ය නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේය.

“ස්ත්‍රී, පුරුෂ හා එසේ නොවන ලිංගික ප්‍රභේදයන් පිළිබඳව. එක එක්කෙනාට පෞද්ගලික දේවල් තියෙනවා. ආගමික ආයතන වලට වෙනම විශ්වාසයන් තියෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ තමන් ඉදිරියේ තියෙන කරුණු ගැන දක්වලා තමයි එහෙම කරන්නේ. මොකද ලංකාවේ ජන සංඛ්‍යා ලේඛන කරගෙන යනකොට, ස්ත්‍රී ද, පුරුෂද කියලා බලනවා මිසක්, ඒ දෙකටම අයිති නොවන අය කවුද කියලා කොහෙවත් සංඛ්‍යාලේඛනයක් නෑ. ඉතින් එහෙම අයගේ අයිතීන් ආරක්ෂා කරන්න අවශ්‍ය නම් ඒ පියවර අනුව ව්‍යවස්ථාවට විධිමත් විවරණයක් ගෙනල්ලා, මානව හිමිකම් පරිච්ඡේද වලට, ඒ පිළිබඳව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දැන් සංඛ් යාලේඛන ගන්නවා. රටේම ජන සංඛ්‍යා ලේඛනවලට යම් යම් ආකාරයකට ඒ නිර්දේශ ලබා දීලා, එහෙම පියවරෙන් පියවර යන්න ඕනේ. මොකද උසාවියට, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කිරීම, කිසිසේත්ම පිළිගන්න පුළුවන් කමක් නෑ. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන තමන්ට අවශ්‍ය නම් ලිංගිකමය වශයෙන් වෙනස්ව ඉන්න පිරිස් පිළිගැනීමට ලක් කරන්න. ඒකට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒකට ඒ ගැන ජාතික කතිකාවතක් අවශ්‍යයි.”

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය සම්බන්ධව ජනාධිපතිවරයා කරන ලද කරන ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය බිය ගන්වා මැතිවරණ කල් දමා ගැනීමට ගන්නා උත්සාහයක් බවට ඇතැම් පාර්ශව කරන චෝදනා ගැන මාධ්‍ය මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කළේය.

“ශ්‍රේෂ්ඨාධිකරණය බය කරලා මැතිවරණ කල් දාගන්න බෑනේ. මේ රටේ හමුදා පාලනයක් නෑනේ. මේ රටේ නිදහස් අධිකරණයක් තියෙන්නේ. අධිකරණය විසින් යම් යම් කාරණා නිශ්චය කරන්නේ ඔවුන් ඉදිරියේ තියෙන නීතිය, කරුණු පදනම් කරගෙන. ලිංග වශයෙන් මිනිස්සුන්ගේ තියෙන විභේදනයන් පිළිබඳව රට තුළ විවාදයක් තියෙනවා. ඒක ලෝකෙත් ඇතුලේ තියෙන විවාදයක්.” යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක පැවසීය.


champica

 

champika1

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්