කොරෝනා වෛරසය නිසා ඉතාලිය වැනි ඉතා දියුණු රටවලට පවා සිදුව ඇති විනාශය හොඳින් තේරුම් ගෙන

යම් කාලයක් නිවෙසටම වී සිටින්නැයි ජයශ්‍රී සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී රෝහිත ජයලත් සිය ප්‍රේක්ෂකයින් ගෙන් ඉල්ලා සිටියි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු එම ඉල්ලීම කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි.

''ආයුබෝවන් සේරමල්ලට මම හිතන්නේ හැමදෙනාම ගෙවල්වල ඉන්නවා ඇති. අපේ රට සහ මුලු ලෝකයම මුහුණදීල තියෙනව මේ කොරෝනා අවධානම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.  මම හිතනව සේරමල්ලා පරිස්සමෙන් ගෙවල්වලට වෙලාම ඉන්නවා ඇති කියලා.

 රජය ඒ වගේම ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ආයතන, වෛද්‍යවරු, දෙන උපදෙස් මාධ්‍යවලින් දෙන උපදෙස් සේරම පිළිපදින්න. ගෙදරටම වෙලා ඉන්න එච්චරයි මම කියන්නේ.

මොකද මේ වෛරස් එක අපි කාටහරි කිට්ටු වුණොත් විතරයි එන්න පුලුවන්. අපිත් ඇත්තටම යුරෝපයේ ඉඳලා ටිකක් කල් ඇවිල්ලා අපිත් ගෙදරටම වෙලා ඉඳලා ස්වයං නිරෝධායනයේ යෙදෙනවා. ඒගොල්ලන්ගේ අනුදැනුම පිළිපැදලා. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ වෙන්න ඕනේ.

''මොකද මේ වෛරස් එක අපි කාටහරි කිට්ටු වුණොත් විතරයි එන්න පුලුවන්. අපිත් ඇත්තටම යුරෝපයේ ඉඳලා ටිකක් කල් ඇවිල්ලා අපිත් ගෙදරටම වෙලා ඉඳලා ස්වයං නිරෝධායනයේ යෙදෙනවා. ඒගොල්ලන්ගේ අනුදැනුම පිළිපැදලා. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ වෙන්න ඕනේ. ''

යුරෝපය නෙවෙයි කොහේ වුනත් කොච්චර දියුණු රටවල් වුණත් මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඉතාලිය වගේ ගොඩක් රටවල් සමහර අයගේ නොසැලකිල්ල නිසා වෙන්න ඇති ගොඩක්  දරුණු විදිහට බලපාලා තියෙනවා මේ රෝගයට.

අන්න ඒක නිසා අපි ඉල්ලන්නේ ගෙදරටම වෙලා ඉන්න.  shut your self down ගෙදර ඉන්නකොට මම දන්නවා ගොඩක් දේවල් කරන්න පුලුවන් වෙනදා හැමදාම යන ජීවිකාවට වැඩිය. ඔයගොල්ලන්ගේ විනෝදාංශ තියෙනවා නම් මියුසික් එහෙම නැත්නම් ආර්ට් අඳින දේවල් නැත්නම් ස්කල්චර් වගේ දේවල්.

මම නම් ගොඩක් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. ගාඩ්න් එකක් තියෙනවා නම් නැන්නම් වත්තක් තියෙනවා නම් එළවළු වගාවක්, ඔය වගේ ගොඩාක් දේවල්වල අපිට යෙදෙන්න පුළුවන්. පවුලේ කට්ටිය එක්ක එකතුවෙලා ගෙදරටම වලා ඉන්න ඒකයි අපි ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ.

 

''අපි සේරමල්ලා එකතුවෙලා මේකට මුහුණ දෙමු''

අපි සේරමල්ලා එකතුවෙලා මේකට මුහුණ දෙමු. මේ අවධානම අපි සේරමල්ලා එකතුවෙලා ජයගමු. මම ඔය සේරමල්ලාට ආදරෙයි.

ඒ වගේම නැතිබැරි අයටත් අපි පිහිටවෙමු එදිනෙදා වේල හම්බකරගෙන ජීවත්වෙන ගොඩක් අය ඉන්නවා. ඔයගොල්ලන්ට පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා නම් නැති බැරි අයටත් අපි ටිකක් දෙමු.

ස්වභාවධර්මයට අපිට පාඩමක් උගන්වලා තියෙනවා මම හිතන්නේ හොඳ පාඩමක් ඉරට හඳට කොහෙට  ගියත් චූටි වෛරස් එකක් ඇවිල්ලා මුලු ලෝකෙම ලොක් කරලා තියෙන්නේ කොහෙටවත් යන්න බැරි වෙන්න හොඳ පාඩමක් ස්භාවධර්යාගෙන් ඉගෙන ගමු. එහෙනම් සියල්ලටම සුවය ප්‍රාර්ථනා කරනවා. ජයශ්‍රී''

 

සබැඳි වීඩියෝ :

#fightcorona : ''මේ ව්‍යසනයෙන් ගැලවීමේ වගකීම ඔබ අතේ'' - නිරෝෂා විරාජිනී (VIDEO) 

#fightcorona : '' අපි මනුස්සයන් විදියට අපි ඉතාම සැලකිල්ලෙන් වගකීමෙන් ගත කළ යුතු කාලයක්''  - සංගීත ශිල්පි මිහිඳු ආරියරත්න 

#fightcorona : 'කොරෝනා තමන්ගේ ගෙදරට එන එක වලක්වා ගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න'' - මාධ්‍යවේදිනී තේජා කටුගම්පල (VIDEO) 

#fightcorona: ''අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන කාලයක්'' - රංගන ශිල්පී රුක්මල් නිරෝෂ් ඔස්ට්‍රේලියාවේ සිට.. (VIDEO) 

#fightcorona: ''අනිත් අය වෙනුවෙන් ඔබ පරිස්සම් වෙන්න'' -කිංස්ලි රත්නායක  

#fightcorona:  ''ජිවිත අනතුරක, සෞඛ්‍ය අංශ දෙන උපදෙස් සියයට සීයක්ම පිළිපදින්න'' - කිෂූ ගෝමස් (VIDEO) 

#fightcorona  :පවුලට ළංවී කොරෝනා පරදමු -නාරද බක්මීවැව (VIDEO) 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්