ඉන්දියන්, ඇමරිකන් බිල්ලෝ මවමින් සිංහ කොඩිය පපුවේ ගහගත්ත බොරු දේශප්‍රේමීන්ට නැවතත් රටේ ජනතාව නොරුවටෙනු ඇතැයි

ධූරයෙන් පලවා හැරි ජනපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පුද්ගලික ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

ඔවුන් හැට නම ලක්ෂයේ ජන වරමට අයිතිවාසිකම් කියන්න උත්සාහ කළද එහි සැබෑ හිමිකරු ගෝඨාභය රාජපක්ෂ බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධායක සුනිල් සිල්වා ගේ කාර්යාලය විවෘත කිරිමට එක්වෙමින් කියා සිටියේය.

“එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජීවිත අනතුරකට ලක්වෙලා හිටපු වෙලාවේ ඒකට එක වචනයක් කියන්න බැරි පුද්ගලයෝ අද ගිහිල්ල කියනවා හැට නම ලක්ෂයේ ජනවරම රකිනවා කියලා. ඒ හින්දා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජනවරම රකින්න කවුරුත් ඇවිල්ලා රැස්වීම් තියන්න ඕන නෑ. අපිට හිටපු හොදම දේශප්‍රේමී, ජාතිකවාදී නායකයා වුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පන්නන තැනට පත්කරලා දැන් කියනවා අපි අලුත් ජාතිකවාදී නායකයෙක් ගේනවා කියලා, අපිට කියන්න තියෙන්නේ මේවා රට්ටු හිනස්සන විහිළු කතා,“

රටට අවශ්‍ය වෙන්නේ ප්‍රචණ්ඩත්වය පාලනය කරලා ජාත්‍යන්තරය කළමනාකරණය කරන්න පුළුවන්, ලෝක බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, ආයෝජන රටට ගෙනැල්ලා රට ගොඩදාන්න පුළුවන් නායකයෙක් බව ද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා හොදම විකල්පය ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේය.

 
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්