යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ පත්කර තිබේ.


ඔහු මේවනවිට විජයබා පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී කරයි.

බදවාගැනීම් අංක 31 යටතේ 1988 ජුලි මස 26 වනදින ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත එක්වෙන රෝහිත අළුවිහාරේ, ඉන්දීය යුධහමුදා ඇකඩමියෙන් මූලික පුහුනුව ලබා 1990 ඔක්තෝම්බර් 05 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස පස්වන විජයබාහු පාබල හමුදාව වෙත ඇතුලත් වේ.

මොහු චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් සිය මූලික හා පශ්චාත් උපාධිය ලබා ඇත.

යුද හමුදාවේ සහකාර ජෙනරාල් වරයකු කටයුතු කරමින් සිටි රෝහිත අළුවිහාරේ, මධ්‍යම ආරක්ෂක මූලස්ථානයේ පාබල සේනාංකාධිපතිවරයකු ලෙසද කටයුතු කළේය.

2009 මැයි 19 වැනි දින එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළ යුද හමුදා අවසන් සටනේ 4 වැනි විජයබා රෙජිමේන්තුවට අණ දුන් නිලධාරියා ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ ය.  

ඔහු කුරුණෑගල මලියදේව මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වෙයි.

 
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්