ලෝකයම කොවිඩ් වෛරසය හමුවේ සටන් කරන මොහොතක හැන්ටා (Hantavirus ) නම් වෛරසයක් හේතුවෙන් චීනය යළිත්
බියෙන් ඇළලී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ යූනාන් ප්‍රදේශයේ (Yunnan Province) පුද්ගලයකු බසයක් තුල ගමන් කරමින් සිටියදී හදිසියේම මියගොස් ඇති අතර හන්ටා වෛරසය ආසාදනය වීම ඊට හේතුව බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඔහු සමග එම බසයේ ගමන් කළ මගීන් 32 ක් වහාම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇත.
චීනයේ රෝග පාලන වැලැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ, මෙය මීයන් මගින් සම්ප්‍රේෂණය වන වෛරසයක් බවයි.
කෙසේවුවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම හන්ටා (Hantavirus ) වෛරසය, කොරෝනා වෛරසය තරම් බරපතල නොවන බවත්, සුළගේ ආධාරයෙන් ව්‍යාප්ත නොවන බවත්ය.
මෙම හන්ටා නව වෛරස තත්වයක් නොවන බවත් එය කාලයක් තිස්සේ එරට ජනතාව අතර ප්‍රකට රෝගී තත්වයක් බවත් මෙම හන්ටා වෛරසය මිට ඉහතදී යුරෝපයේ හා ආසියාවේ පැවති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
වැඩිදුරටත් තොරතුරු සඳහා
Hantavirus in China: After coronavirus havoc, man dies of rat-caused disease – all you need to know