ආණ්ඩුව විසින් දේපල මත පණවන බද්ද ( ධන බද්ද) 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බව පසුගියදා ජනාධිපතිවරයා

පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළ අතර මුදල් අමාත්‍යංශය විසින් එම බදු අයකිරීම ප්‍රථම නිවාසයෙන් නොව කුලියට ලබාදී ඇති නිවාස වලින් පමණක් අයකරන බව නිවේදනය කළද එය පිළිනොගන්නා බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණු නිජෝජිතයන් පිරිසක් විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් තුළදී මෙම අදහස් පළවූ අතර ඔවුන් පවසා සිටියේ ඉදිරියේ පැමිණීමට ඇති ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ජනතාවට බොරු පතුරවන බවත් ඒවාට ජනතාව නොරැවටෙන ලෙසත්ය.

"2025 දී දළ දේශීය නිෂ්පාදනයෙන් 0.2% ක් අය කරන්න බලාපොරොත්තු වෙනවා මේ බද්ද මගින්. ඒ වගේම 2026 වෙනකොට 0.4% ක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා මේ බද්ද මගින්. 0.4% ක් කියන්නේ රුපියල් බිලියන 48 ක්. රුපියල් බිලියන 48 ක් කියන්නේ කෝටි 4,800 ක්. 2021 සංඛ්‍යා ලේඛන අනුව නිවාස තියෙන්නේ ලක්ෂ 51 යි. ඒ පනස් එක් ලක්ෂයෙන්ම බදු අය කරනවා කියලා ගත්තත් එක නිවාසයකින් රුපියල් 9,500 ක් වසරකට අය කරන්න වෙනවා. මං හිතන්නේ නිවාස දෙකක් අයිති එක නිවාසයක් කුලියට දීලා තියෙන නිවෙස් ටික ලංකාවේ ලක්ෂයක්වත් නැතුව ඇති. එහෙමනම් ඒ නිවාස එකෙන් රුපියල් ලක්ෂයකටත් වඩා ලොකු මුදලක් අය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කියන සංඛ්‍යා ලේඛන ගණන් හදලා බැලුවහම මේ මුදල් අමාත්‍යංශය මගින් කියන කතාව වගේම ජනාධිපතිවරයා කියන කතාව පිළිගන්න බෑ." යි එම පක්ෂයේ ජාතික සංවිධායක සුමේධ රත්නායක පැවසීය.

එමෙන්ම 2025 වනවිට රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් දක්වා වර්ධනය කර නොගතහොත් නැවතත් ආර්ථික අර්බුදයක් පැමිණිය හැකි බවට මුදල් අමාත්‍යංශය විසින් නිවේදනය කරමින් ජනතාව බියගන්නවා මෙම බදු ජනතාවගේ කරමත පැටවීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවටයි ඔහු චෝදනා කරන්නේ.

"රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ බදු අය කරන්නේ සාමාන්‍ය ජනතාවගෙන්. අපි කියන්නේ නැහැ බදු එකතු කරන්න එපා කියලා. නමුත් රජය හරිම සරලව මුළු බදු බර, සාමාන්‍ය ජනතාවට පැටවීම තමයි කරන්නේ. මේ වෙනකොට බදු පොලු තියෙනවා, රුපියල් බිලියන 1000 ක් විතර. ඒ බදු පොලු අය කරගන්න පුළුවන්. නමුත් ඒවා ගැන අවධානය යොමු කරන්නේ නැහැ."

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක , අරමුදල් ප්‍රවර්ධන සහ සාමාජික සුභසාධන නියෝජ්‍ය ලේකම් අමිල් ප්‍රියන්ත, මහජන සම්බන්ධීකාරක සනේෂ් නිමන්ත, ගම්පහ කාන්තා සම්බන්ධීකාරක වොරාජි සමරසිංහ, මීරිගම සම්බන්ධීකාරක කුමාර ගජනායක, ගම්පහ දිස්ත්‍රික් ආගමික කටයුතු සම්බන්ධීකාරක දේවින්ද වික්‍රමාරච්චි ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සාමාජික පිරිසක් සම්බන්ධ විය.

zdftfwe

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්