ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණයට නවෝදයක් එක් කරමින් මේ දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ

ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයෙ ඉතාමත් ම වැදගත් දිනය 23 වැනිදායි.

අප රටේ කර්මාන්ත හා ව්‍යාපාර අඩපනව බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින බොහෝ පිරිසගේ එම ගැටලුවට විසඳුම් සාකච්ඡා කරන  විශේෂ සම්මන්ත්‍රයක් 23  පැවැත්විම ඊට හේතුවයි

Ceylon Federation Of MSME සභාපතිනි සශිකා ද සිල්වා විසිතුන්වෙනිදා පැවැත්වෙන සම්මන්ත්‍රණය පිළිබඳව තොරතුරු දක්වමින් කියා සිටියේ, මෙය මෙරට කර්මාන්තකරුවන්ගේ ගැටළු විසඳීමට පවත්වන ඉතා සුවිශේෂී අවස්ථාවක් බවය.

ඒ නිසාම විසිතුන්වෙනිදා පෙරවරු 9.00 සිට  ප.ව.1.00 දක්වා දක්වා කාලය තුළ විශේෂ රාජකාරියක් පැවරුණද එය පසෙකලා මෙම සම්මන්ත්‍රයට එක්වන්න ඇය කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක්ද කළාය.

  • ඔබ ලබාගත් ව්‍යාපාර බැංකු ණය සඳහා සහනයක් අපේක්ෂාවෙන් සිටින්නෙක්ද?
  • එසේත් නැතිනම් අසාදු ලේඛන ගතව තවත් ණයක් ලබාගැනීමට වෙරදරන්නෙක්ද?
  • නැතිනම් මුල්‍ය අපහසුතාව නිසාම ව්‍යාපාරය පවත්වාගැනීමට නොහැකිව ලතවෙන්නෙක්ද?

එසේනම් ඔබ වෙනුවෙන්ම, කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය මුලිකත්වයෙන් ව්‍යාපාර ණය ප්‍රතිවිව්‍යුහ ගතකිරීම හා ව්‍යාපාර මුල්‍ය කළමනාකරණය පිලිබඳ දැනුවත්කිරීමේ සම්මන්ත්‍රණය හා සාකච්ජාව පැවැත්වීමට Ceylon Federation of MSME සංසදය කටයුතු සංවිධානය කොට තිබෙයි.

මෙම හමුව හා සම්මන්ත්‍රණය කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන International Industry Expo 2024 කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව BMICH හි ලෝටස් මැදුරෙහි 23වෙනි ඉරිදා පෙ.ව.10 සිට 12 දක්වා පැවැත්වේ.

කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ මගපෙන්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාව සඳහා ව්‍යවසායක ඔබට අවශ්‍ය දැනුම් තොරතුරු වෙනුවෙන් සහයෝගීතාවය දක්වමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙම සැසියට එක්වීම සිදුවෙයි.

එයට අමතරව ණය කළමනාකරණය පිලිබඳ නීතිමය තත්වය දැනුවත්කිරීමට ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය, ප්‍රතිව්‍යුහ ගතකිරීම පිළිබඳව දැනුවත්කිරීමට එස්.එන්. රාඝවන් ද ලබා ගැනීමට පෙර හා පසු මුල්‍ය කළමනාකරණයේ අත්‍යවශ්‍ය අංගයන් හා අවශ්‍යතාව පිළිබඳව දැනුවත්කිරීමට ශොහාන් විජේසිංහ ද මෙම අවස්ථාව හා එක්වෙනු ඇත.

ව්‍යවසායක ඔබට මෙය හොදම අවස්ථාවක් බැවින් මතක ඇතුවම හෙට උදේ 10ට ලෝටස් ශාලාවට පැමිණ ප්‍රතිලාභ අත්විඳින්න.

 
(ජේ. මුණසිංහ)
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්