කලක් තිස්සේ ඍණ අගයක් ගත් මහා භාණ්ඩාගරයේ රාජ්‍ය බැංකු දෙකෙහි බැංකු අයිරා ධන අගයක් ගනියි.


රජයේ වියදම් පියවා ගැනීමට ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙන් ණය ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා තිබිම මෙයට හේතු වී තිබේ.

රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් කෙතරම් අභියෝගාත්මක වුවත් වසර 2023 දී මේ තත්ත්වය මහා භාණ්ඩාගාරය විසින් ළඟා කර ඇත.

එය ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමකැයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.


ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට රාජ්‍ය බැංකු දෙකෙන් බැංකු අයිරා ලබා ගැනීමේ ක්‍රමවේදය මේ වන විට මුළුමනින්ම අත්හිටුවා ඇත. මීට දශක ගණනාවකට පෙර සිට බැංකු අයිරාව ඉතාම සෘණ අගයක් ගත් යුගයක ශ්‍රී ලංකාව පසුවිය. වසර 2021 දී රුපියල් බිලියන නමසිය (900) ඉක්මවූ මහා භාණ්ඩාගාර බැංකු අයිරාව මුළුමනින්ම මේ වනවිට ගෙවා තිබේ.  


ගනුදෙනුකරුවන්ට අරමුදල් සැපයීමට බැංකු දෙකට අවස්ථාවල උදාවෙලා

 

  • ආණ්ඩුව විසින් තම වියදම් පියවා ගැනීමට රාජ්‍ය බැංකු දෙකෙන් ණය ලබා ගැනීම නතර කිරීම සමග, රාජ්‍ය බැංකු දෙකට විශාල මුදල් තොගයක් ඉතිරිවේ.
  • එලෙස බැංකු සතු වන අරමුදල් විශාල වීමත් සමග තම වටිනා ගනුදෙනුකරුවන්ට පවත්නා ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට, නව ව්‍යාපාර කර්මාන්ත, සේවා  ආරම්භ කිරීමට අරමුදල් සැපයීම බැංකු දෙකට අවස්ථාවල උදාවේ.
  • ආණ්ඩුවට අරමුදල් සැපයීම සිදුකර බැංකු දෙක පවත්වාගෙන යෑමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරවීමට ද බැංකු දෙකට මේ සමග සිදුවේ.
  • බැංකු දෙකට ආණ්ඩුවට ණයදීමෙන් මින් ඉදිරියට ඊසි මනි සෙවීම කළ නොහැකිය.
  • මේ සමග බැංකු කාර්යක්ෂම විය යුතුය. වඩාත් තරගකාරීව ගනුදෙනුකරුවන් දිනාගත යුතුය.
  • මෙය නව ව්‍යාපාර කර්මාන්ත ඇරඹීමට ව්‍යවසායකයින්ට ලැබෙන ඉමහත් වැඩදායි හා පුළුල්  අවස්ථාවක් නිර්මාණය කිරීමක් වනු ඇත.

 

රාජ්‍ය බැංකු දෙකෙහි අරමුදල් අතිරික්තයක් බවට පත් කිරීම මහා භාණ්ඩාගාරය ලැබූ ජයග්‍රහණයකි. එය ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගැනීම මහා භාණ්ඩාගාර අරමුණයි.

මෙලෙස රාජ්‍ය බැංකු දෙකට ලැබුණු අරමුදල් වැඩිවීමේ වාසිය උපරිමයෙන් ගනුදෙනුකරුවන්ට ලබාදීම තම අරමුණ බව  මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ ප්‍රකාශ කළේය .

 ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් පොන්සේකා සඳහන් කළේ, කලක් සෘණ අගයක් ගත් තම බැංකුවේ අයිරාව මේ වනවිට ධන අගයක් ගෙන ඇති බවයි. මෙලෙස ධන අගයක් ගැනීම සතුටට කරන බවද ඔහු කීය.

ඉදිරියේදී එම අරමුදල් යොදාගෙන වැඩි වැඩියෙන් තම වටිනා ගනුදෙනුකරුවන්ට  සේවා සැපයීමට ක්‍රියා කරන බවද මහා කළමනාකාරවරයා සඳහන් කළේය.


රජයේ ආදායම් වැඩිකර ගැනීමට පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ආණ්ඩුව සිදු කළේය. එලෙස සිදුකළ ඇතැම් ප්‍රතිසංස්කරණ නිසා ඇතැම් විට ආණ්ඩුවට විවේචන වලට හා දෝෂාරෝපණයන්ට ලක්වීමට සිදුවිය.


නමුත් ඒවාට බියේ ආණ්ඩුව සිදු කළ කිසිදු ප්‍රතිසංස්කරණයක් අතරමග නතර කළේ නැත.

ඒ නිසාම මේ වන විට රටේ ආර්ථිකය යම්  ප්‍රගතියක් කරා ගමන් කරන දිශාන්තියක් පෙන්නුම් කරයි.

දිගු කලක් තිස්සේ රටේ පැවැති මූල්‍ය විනය හි නරක ස්වභාවය මේ වන විට යම්  තරමකට පහව ගොස් ඇත. එය ඉදිරියට තවදුරටත් විනයගරුක කළ යුතුය.

මූල්‍ය විනය ඇතිකිරීමෙන් රටේ පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුගේ පවා කළමනාකාරීත්වයේ මනා ලෙස හැඩ ගැස්විය හැකිය හැකිය.

මහා භාණ්ඩාගාරයේ මේ වන විට උත්සහ කරනුයේ වඩාත් විනිවිද පෙනෙන ස්වරූපයෙන්, මනා විනයක් සහ පරිපාලනයක් සහිතව රජයේ ආදායම් වැඩි කර ගැනීමටය. එමෙන්ම දැඩි විනයක් ඇතුව රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීමටය.

තමන්ගේ ලැබෙන ආදායමට සරිලන වියදම් රටාවකට රටත් සමාජයත් යොමු කළ යුතුය. ඒ අරමුණ ජය ගැනීමට මහා භාණ්ඩාගරයේ කටයුතු කරමින් සිටි. එවැනි දේකට දැනටමත් මුල පුරා තිබේ.

එවැනි වැඩපිළිවෙලක් තිරසාරව  අනුගමනය කිරීම අප රටක් ලෙස ජයග්‍රහණ ලැබීමේ මාවත විවර කිරීමක් වෙයි.

(සටහන - ජේ. මුණසිංහ)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්