සාමාන්‍ය එදිනෙදා කටයුතුවල නියැළෙන, වෙළඳ සැල් කරා යන ජනතාව මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය යැයි

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන පවසයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති මධ්‍යම වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ සහ අධ්‍යක්ෂ වන ආචාර්ය පබා පළිහවඩන (M.Sc., M.D., MPH, MBBS) ඊ.පී.අයි වැඩසටහන සහ පෝලියෝ තුරන් කිරීමේ වැඩසටහනේ ජාතික කළමනාකරු ද වේ.

ඊට අමතරව ඇය විසින් 2001 සිට 2002 දක්වා රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන,ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන, වසංගත රෝග විද්‍යා හා නිරීක්ෂණ අංශයට ද අනුයුක්තව සුවිශාල සේවාවක් කළ විශේෂඥවරියකි.

විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩනට මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දශක තුනකට වඩා පළපුරුද්දක් ඇත. ඇගේ විශේෂඥ අංශ වන්නේ වසංගත විද්‍යාව සහ මහජන සෞඛ්‍යයයි.

එසේ මෙවැනි ක්ෂේත්‍රයක මනා දැනුමක් හා පළපුරුද්දක් ඇති ඇය කෝවිඩ් - 19 පැතිර යාම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ මාධ්‍ය හමුව ඊයේ (24) අමතමින් මෙසේ පැවසුවාය.

''සෞඛ්‍ය සනීපාරක්ෂක ලෙස මුඛ වැස්මක් පැළඳීම සාමාන්‍ය කෙනෙකුට
පහසු වන්නේ නෑ"  -විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන

"අදටත් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ වැස්මක් පැළඳගෙන එහෙ මෙහෙ ගමන් යාම අනුමත කරන්නෙ නෑ. මුඛ වැස්මක් පැළඳීම ඇත්තෙන්ම අත්‍යාවශ්‍ය වනුයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලයට පමණයි අපි තවමත් නිර්දේශ කරන්නෙ මාස්ක් එකක් පළඳින්න.

එතකොට ඔබ එදිනෙදා සාමාන්‍ය කටයුතු කිරීමේදී, ගමන් කිරීමේදී, කඩවල්වලට යෑමේදී එසේත් නැතිනම් තමන්ගේ එදිනෙදා කටයුතුවලදී මාස්ක් එකක් පැළඳීම අපි නිර්දේශ කරන්නේ නෑ තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය.

මුඛ ආවරණයක් දිගු කාලයක් එකදිගට පැළඳගෙන සිටීම අපහසු කාර්යයක්. ඒනිසා සෞඛ්‍ය සනීපාරක්ෂක ලෙස මුඛ වැස්මක් පැළඳීම සාමාන්‍ය කෙනෙකුට පහසු වන්නේ නෑ" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

 

"ෆේස් මාස්ක්ස් ඕනේද? නැද්ද? ආණ්ඩුව කෙළින් කියනවද?"

පාලනයේ නාමයෙන් මුග්ධත්වයට ජනයා දැක්කවීම හෙවත් 'මුඛ ආවරණ' යන ශීර්ෂයෙන් යුතුව FB පොස්ටුවක් පළකර ඇති අයකු විමසන්නේ, "ෆේස් මාස්ක්ස් ඕනේද? නැද්ද? ආණ්ඩුව කෙළින් කියනවද?" කියාය.

මේ ප්‍රශ්නය ඇසීමට ඔහුට සාධාරණ හේතුවක් මතුව ඇත්තේ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ රූපවාහිනී සාකච්ඡාවකදී කියූ ප්‍රකාශ හා ආණ්ඩුවේ ඇතැමුන් කරන පරස්පර කතා බවට අනුමාන කල හැකිය.

වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ,  සමාජයේ කොරෝනා පැතිර යාමක් නො පෙනෙන නිසා, මුඛ ආවරණය පැළදීම අවශ්‍ය නොවන බවකි. එහෙත්, එය කොන්දේසි සහගත සහතිකයක් බවත්, සමාජයේ කොරෝනා පැතිරුණහොත්, මුඛ ආවරණ අවශ්‍ය බවක්  ඔහු වක්‍රව කියන්න බවත් ඉහත FB සටහන පළකර ඇති පුද්ගලයා පෙන්වා දෙයි.

ඔහුගේ FB සටහනේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

''බළලා මල්ලෙන් එළියට පැන්නේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සිරස රූපවාහිනී සාකච්ඡාවකදී පැවසූ කරුණකිනි. ඔහු සමාජ මාධ්‍ය අයුතු ලෙස භාවිත කළ බව කියනු ලබන පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බවක් කියා, මූණු පොතේ වෙනත් පෝස්ටුවක් පළ කරන්නවුන්ට ද ඔහු අනතුරු ඇගවූයේය.

බ්‍රේකින් නිවුස් ලෙස එකී පෝස්ටුවෙන් කියැවුණේ කෝවිඩ්19 වෛරසය වාතයේ පැය කිහිපයක් බෝවෙන තත්ත්වයෙන් පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළ බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන ආකාරයට ඔහු මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසා ඇති අතර, එහි ප්‍රධානියා එවැනි ප්‍රකාශයක් කර නැති බව තහවුරු කර ගෙන ඇත. එබැවින්, නියෝජ්‍ය පොලිස්පතිවරයා කියන්නේ මෙම ෆේස්බුක් පෝස්ට්ටුව ආණ්ඩුව අසීරුතාවකට පත් කිරීමේ අරමුණින් පළ කර ඇති බවයි. ඒ කෙසේද?

නියෝජ්‍ය පොලිස්පතිවරයාට අනුව, කෝවිඩ්19 වෛරසය වාතයේ පැය කිහිපයක් රැදෙන බව කියන විට ජනතාව කලබල වී මුඛ ආවරණ මිලදී ගැනීමට තල්ලු වන බවත්, අවශ්‍ය ප්‍රමාණයට මුඛ ආවරණ මේ මොහොතේ නොමැති බැවින් විශාල කලබගෑනියක් ඇතිවී ආණ්ඩුව අපහසුතාවට පත් වෙන බවයි.

වෛද්‍ය ජාසිංගේ අදහස සමාජ ගත වූයේ 'මුඛ ආවරණ' පැළදීම අවශ්‍ය නෑ කියා වෛද්‍ය අනිල් ජාසිංහ පැවසූ ලෙසයි. එහි ප්‍රතිපලය වූයේ ඇදිරි නීතිය ඉවත් කළ පැය කිහිපයේ කොළඹ ඇතැම් ස්ථාන වල මුඛ ආවරණ නොමැතිව, එක ලග තෙරෙපෙමින් බඩු ගන්නට ජනයා පොදි කෑමට පවා බියක් නොදැක්වීමයි. ''

Image may contain: one or more people, people standing, crowd and outdoorඇඳිරි නීතිය අවසන්වූ වහාම එක ලග තෙරෙපෙමින් බඩු ගන්නට පොදි කෑ මිනිසුන්...

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළක්වීමේ කේන්ද්‍රය (CDC) මතය මෙන්න !

කොරෝනා පැතිරයාම හමුවේ සෑමදෙනාම මුඛ ආවරණ පැළදිය යුතු ද ? යන කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළක්වීමේ කේන්ද්‍රය (CDC) පවසන්නේ එවැනි අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් thathu.com වෙබ් අඩවියේ පලවී ඇති සටහනක මෙසේ දැක්වේ.

''වර්තමානයේ වෛද්‍යවරු උපදෙස් දෙන්නේ සෞඛ්‍ය සම්පන්න, රෝග ලක්ෂණවලින් තොර පොදු මහජන සාමාජිකයන් මුඛ ආවරණ පැළඳීමට විරුද්ධවය.

ආසාදිතවූ රෝගීන් වෛරසය පැතිරවීම වළක්වාගැනීමේ දී මුව ආවරණ උපකාරී විය හකි නමුත් ඒවා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් ආරක්ෂා කිරීමට සමත් නැතැයි එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළක්වීමේ කේන්ද්‍රය (CDC) පවසයි.

රෝගී වූ අයෙකු කහින විට හෝ කිඹුහුම් යවනවිට මුව ආවරන බාධකයක් ලෙස ක්‍රියා කිරීමට හැකියි. ” මුව ආවරණ බොහොමයක් වාතයේ ඇති කුඩා අංශු සාර්ථකව පෙරීමට සමත් නැහැ” යයි CDCපෙන්වා දෙයි.

CDC පෙන්වා දෙන පරිදි N95 ආවරණ්‍ය  සාමාන්‍ය ආවරණ වලට වඩා හිර ගතියකින් යුක්ත අතර, කුඩා අංශු සහ විශාල බිඳිති වලින් ආරක්ෂාව සපයයි.

එහෙත් මුව ආවරන වැඩියක්ම අවශ්‍ය වන්නේ (නිරතුරු ආසාදියන් හා ආසාදියන් යයි සැකකෙරෙන අය සමග සමීපවී කටයුතු කරන වෛද්‍ය සහ සෞඛ්‍ය සේවකයන් ඇතුළු සත්කාරක සේවා සපයන්නන්ටය. දැනට ලොව පුරා මුව ආවරණ හිඟයක් පවතින හෙයින් ඒවා පැළඳිය යුත්තේ අවශ්‍යයෙන්ම පැළඳිය යුතු අයමය

Image result for face mask

වරද්දා නොගත යුතු මුඛ ආවරණ පැළදීම: නිර්දේශ කිහිපයක් (srilankabrief.org වෙබ් අඩවියෙන්)

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ:

ඔබ නිරෝගී නම්, ඔබ මුඛ ආවරණයක් පැළඳිය යුත්තේ කොව්ඩ් 19 ආසාදනය ඇති බවට සැක කරන පුද්ගලයෙකු ගැන ඔබ කටයුතු කරන්නේ නම් පමණි.

      ඔබ කැස්ස හෝ කිවිසුම් නම් මුඛ ආවරණයක් පළඳින්න.

මුඛ ආවරණ පලදායී වන්නේ මධ්‍යසාර මත පදනම් වූ අත් සෝදන හෝ සබන් හා ජලය සමඟ නිතර අත් පිරිසිදු කිරීම සමඟ භාවිතා කළ විට පමණි.

ඔබ මුඛ ආවරණයක් පැළඳ සිටින්නේ නම්, එය භාවිතා කරන ආකාරය සහ නිසි ලෙස බැහැර කරන ආකාරය ඔබ දැන සිටිය යුතුය.

මුඛ ආවරණයක් පැළඳීමට පෙර, මධ්‍යසාර මත පදනම් වූ අත් සෝදනයක් හෝ සබන් හා ජලය සමග අත් පිරිසිදු කරන්න.

මුඛය සහ නාසය මුඛ ආවරණයකින් ආවරණය කරන්න නම් ඔබේ මුහුණ සහ මුඛ ආවරණයක් අතර කිසිදු හිඩැසක් නොමැති බවට වග බලා ගන්න.

මුඛ ආවරණය භාවිතා කරන විට එය ස්පර්ශ කිරීමෙන් වළකින්න; ඔබ එසේ කරන්නේ නම්, මධ්‍යසාර මත පදනම් වූ අත් සෝදනයක් හෝ සබන් හා වතුරෙන් ඔබේ දෑත් පිරිසිදු කරන්න.

මුඛ ආවරණය තෙත් වූ වහාම නව මුඛ ආවරණයක් පළදින්න. භාවිත කරන ලද මුඛ ආවරණ නැවත භාවිතා නොකරන්න.

මුඛ ආවරණ ඉවත් කිරීම: පිටුපසින් එය ඉවත් කරන්න. (මුඛ ආවරණය ඉදිරිපස ස්පර්ශ නොකරන්න); වසන ලද බඳුනකට වහාම එය දමන්න; මධ්‍යසාර මත පදනම් වූ අත් සොදනයක් හෝ සබන් හා ජලය සමග අත් පිරිසිදු කරන්න.

සීබීසී හි පල කරන ලද ලිපියකින්:

මුඛ ආවරණ විසින්  ‌‌කොවිඩ් 19 ට හේතු වන කොරෝනා වයිරසය පැතිරීමට එරෙහිව පලදායී ආරක්ෂාවක් සපයන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ප්‍රකාශ කරන උතුරු ඇමරිකාවේ මහජන සෞඛ්‍ය නිලධාරීහු නිරෝගී පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීමෙන් අධෛර්යමත් කරති.

 මුඛ ආවරණ වර්ග තුනක් තිබේ:

1 - N95:   මේවා ඉතාම හොදින් ගැලපෙන මුඛ ආවරණ වන අතර ඒවා නාසය සහ මුඛය වටා මුද්‍රා තබා කුඩා වායු අංශු වලින් 95% ක්ම නතර කිරීමට හැකි පරිදි සකස් කර ඇත. ඒවා මගින් වාතයේ මීදුම් අංශු ලෙස පවතින වායුගෝලීය වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වනු ඇත. එම හේතුව නිසා, ඒවා සෞඛ්‍ය සේවා සේවකයින් විසින් විශේෂිත වෛද්‍ය ක්‍රමවේදයන් සඳහා භාවිතා කරනු ලැබේ,

2 - ශල්‍ය හෝ වෛද්‍ය මුඛ ආවරණ: මේවා ලිහිල් ගැළපෙන, වඩාත් නම්‍යශීලී ඉවත දැමිය හැකි මුඛ ආවරණ වන අතර ඒවා ද කතා කිරීම, කැස්ස හෝ කිවිසුම් යාමෙන් මුදා හරින විශාල ජල බිඳිති වලට එරෙහිව පලදායී බාධකයක් ලෙස සැලකේ. කොවිඩ් 19 සම්ප්‍රේෂණය වන ප්‍රධාන ක්‍රමය එයයි.

3 - නැවත භාවිතා කළ හැකි රෙදි මුඛ ආවරණ: බොහෝ ස්වේච්ඡා සේවකයන් මේවා බෙදා හැරීම සඳහා මහනවා ඔබ දැක තිබෙන්නට පුලුවන. එක්සත් ජනපදයේ සමහර රෝහල් වෙනත් මුඛ ආවරණ හිඟය හේතුවෙන් අවසාන ප්‍රයත්නයක් ලෙස ඒවා ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, ඒවායේ කාර්යක්ෂමතාව පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කර නොමැති අතර එය රෙදි වර්ගය මත රඳා පවතින බව ටොරොන්ටෝ හි හම්බර් රිවර් රෝහලේ බෝවන රෝග විශේෂඥ සහ කාර්ය මණ්ඩල ප්‍රධානී වෛද්‍ය මයිකල් ගර්දම් පවසා තිබේ.

 ලාන්සෙට් ආයතනය:

Image result for face mark covid 19

එක්සත් රාජධානියේ සහ ජර්මනියේ නිර්දේශයන් අනුව මුඛ ආවරණ මගින් ප්‍රජාව තුළ ශ්වසන ආසාදනවලින් පලදායී ආරක්ෂාවක් සැපයිය හැකි බවට සාක්ෂි නොමැත. කෙසේ වෙතත්, රෝගීන් රැකබලා ගැනීමේදී ජල බිඳිති නතර කිරීමේ කොටසක් ලෙස වෛද්‍ය සේවකයින් විසින් මුඛ ආවරණ බහුලව භාවිතා කරනු ලැබේ.

සමහර රටවල ජනතාව (උදා: තායිලන්තය, චීනය සහ ජපානය) තාවකාලික විකල්ප හෝ නැවත නැවත ඉවත දැමිය හැකි ශල්‍ය වෙස් මුහුණු භාවිතා කරති.

ඉවත දැමිය හැකි මුඛ ආවරණ යළි යළි භාවිත කිරීමත් අනිසි ලෙස භාවිතා කිරීමත් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අතර ආසාදන අවදානම පවා වැඩි කරයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්