මීට මාස කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂ යාපනයේ සංවිධායක ලෙස පත්වීම් ලද අරුන් සිද්ධාර්තන් මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර

මණ්ඩල සාමාජිකයෙකු සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස පත් කර තිබේ.

ලංකාව ප්‍රගතිශීලි රටක් ලෙස ඉදිරියට ගෙන යෑමට අරුන් සිද්ධාර්තන් විශාල සේවයක් කරනු ඇති බව මව්බිම ජනතා පක්ෂ නායක දිලීත් ජයවීර විශ්වාසය පළ කරයි.

සියලුදෙනා එකමුතු විය යුතු යැයි පවසන ශ්‍රී ලාංකිකත්වය තුළ ඔහු විශාල හඬක් නඟනු ඇතැයි තම බලාපොරොත්තුව බව ද ඔහු කියා සිටියේ ඊයේ (21) අරුන් සිද්ධාර්තන් හට පත්විමේ ලිපිය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

“මේ රටට මට ණයක් තියෙනවා. ඉතිං මගේ මතවාදයට ගැලපෙන කඳවුරක් තමා මම බලාගෙන හිටියේ. ඉතිං මේ කඳවුර මම තෝරාගත්තා." යැයි මව්බිම ජනතා පක්ෂ තනතුරු ලබා ගැනිමෙන් අනතුරුව අරුන් සිද්ධාර්තන් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මීට මාස කිහිපයට ඉහතදී අරුන් සිද්ධාර්තන් යාපනයේ එජාප දිස්ත්‍රික් සංවිධායක ලෙස ද පත් කළේය.

(චතුරංග මේදිස්)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්