ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ.


රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, රවී කරුණානායක එබව පැවසුයේ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය..

''එලැඹෙන 26 වනදා ජනාධිපතිතුමා ජාතිය අමතනවා. රට බංකොලොත්භාවයෙන් එලියට ආපු බව පෙන්වා තිබෙනවා. දැන් ලංකාවට ලෝකය එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා.'' යයි ඔහු එහිදී පැවසිය.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්