කොරෝනා වෛරසය පාලනය වෙනුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් දහස් ගණනක් අතරමංව සිටින බව වාර්තාවේ.

 

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය විසින් කෝවිඞ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති, යුධ හමුදාපති,  ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර වෙත යොමුකර ඇති ලිපියක එබව සඳහන්වේ.

එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම ලිපියේ මෙසේ දැක්වේ.

 

කටුනායක අසරණ වී සිටින සේවක සේවිකාවන් සම්බන්ධව :

''කොරෝනා වෛරසය (කෝවිඞ්-19) පැතිරීම පාලනය කිරීමේ උත්සාහ ලෙස රජය විසින්  විටින් විට රාජ්‍ය අංශය සඳහා නිවාඩු දින ප්‍රකාශයට පත් කළ අතර, එම නිවාඩු දින පුද්ගලික අංශයට ද ලබා දෙන මෙන් ඉල්ලීම් කෙරුණි.

ඒ අතර පසුගිය 19 වන දින ජනාධිපති ලේකම් විසින් ආයෝජන මණ්ඩලයේ සහ තේ මණ්ඩලයේ සභාපතිවරුන්ටත් කම්කරු කොමසාරිස් ජනරාල්ටත් පිටපත් සහිතව ඔබ ඇමතු ලිපියෙන් ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් අත්‍යාවශ්‍ය අපනයන සඳහා නිෂ්පාදනය කරගෙන යාමට හාම්පුතුන්ට අවසර ලබා දෙන මෙන් හා ඒ වෙනුවෙන් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගැනීමටද දන්වා යවන මෙන් ඉල්ලීමක් කර තිබිණ.

එය නියාමනය කිරීමට යාන්ත්‍රණයක් නොවූයෙන් නිදහස් වෙඳ කලාප සහ අනෙක් කාර්මික උද්‍යාන වල කර්මාන්ත ශාලා බොහෝමයක් සේවක සේවිකාවන් සේවයේ යොදවනු ලැබිණ.

පසුගිය 20 වන දින සවස 06 සිට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ වන විටද එම කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සිදුකරමින් තිබිණ.

''පසුගිය 20 වන දින සවස 06 සිට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ වන විටද එම කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සිදුකරමින් තිබිණ.ඒ හේතුවෙන් අති විශාල සේවක සේවිකාවන් පිරිසක් එම ප්‍රදේශවල ඔවුන්ගේ නේවාසිකාගාරවල කොටු වී සිටිති.''

එයට හේතු ලෙස සමාගම් හිමියන් සේවක සේවිකාවන්ට පවසා තිබූයේ අපනයන කර්මාන්ත ශාලා අඛණ්ඩව නිෂ්පාදන කටයුතු වල නියැලිය යුතු බවට අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම් ඔබ වෙත යොමු කර තිබූ ඉහතින් සඳහන් ලිපිය වේ.

 

සේවිකාවන් නේවාසිකාගාරවල කොටු වෙලා !

එදින ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කළ පසු කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු අත්හිටුවනු ලැබූයේ සේවක සේවිකාවන්ට ඔවුන්ගේ ගම් බලා යාමට අවශ්‍ය කාලය ඇතිව නොවේ.

එනිසා විශේෂයෙන් කටුනායක, බියගම සහ සීතාවක නිදහස් වෙළඳ කලාපවල බොහෝ සේවක සේවිකාවන්ට සිය ගම් බලා පිටත්ව යාමට නොහැකි විය. ඒ හේතුවෙන් අති විශාල සේවක සේවිකාවන් පිරිසක් එම ප්‍රදේශවල ඔවුන්ගේ නේවාසිකාගාරවල කොටු වී සිටිති.

මේ සේවකයින්ගේ ප්‍රශ්නද ඇතුලූව අප සංගමය කම්කරු සහ විදේශ සේවා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත 2020 මාර්තු මස 24 වන දින ලිපියක් යොමු කරනු ලැබිය.

එහි සඳහන් පරිදිම මෙම ගැටලූව වඩාත් බරපතල වන්නේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ටය.

ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීතිය සමග ආහාර සපයා ගැනීමේ කිසිදු අවකාශයක් ඔවුන්ට නොමැති හෙයින් ඊට විසඳුමක් ලෙස අප සංගමය විසින් කටුනායක පොලිසියේ අවසරය ඇතිව වියළි ආහාර ඇතුලත් පාර්සල් අද දින ඔවුන්ට බෙදා දීමට කටයුතු කළේය.

''මෙම ගැටලූව වඩාත් බරපතල වන්නේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ටය. ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීතිය සමග ආහාර සපයා ගැනීමේ කිසිදු අවකාශයක් ඔවුන්ට නොමැත.''

මෙසේ වියළි ආහාර පාර්සල් බෙදා දීම සඳහා කටුනායක ප්‍රදේශයේ අමන්දොළුව, ජයවර්ධනපුර සහ තවත් එවැනි ප්‍රදේශ කිහිපයකට ගිය අප සංගමයේ නියෝජිතයින්ට දැක ගැනීමට ලැබුණේ සමහර නේවාසිකාගාර වල 50-100 ප්‍රමාණය සේවක සේවිකාවන් පොදී ගැසී සිටින හැටිය.

මෙවැනි බොහෝ නේවාසිකාගාර එම ප්‍රදේශවල පිහිටා ඇත. ඒවායේ පවතින අවම පහසුකම් සහ සීමිත ඉඩකඩ අනුව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහ වෛද්‍ය උපදෙස් කිසිවක් අනුගමනය කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත.

එදිනෙදා ආහාර සපයා ගැනීමට වත් නොහැකිව සිර වී සිටින මෙම සේවක සේවිකාවන්ගේ තත්ත්වය එබැවින් ඉතාමත් අවදානම් බැව් ඔබද පිළිගන්නවා නොඅනුමානය.

''මේ වනවිට කටුනායක පොලීසිය විසින් ඇතැම් ස්ථානවල අතරමංව ඉන්නා සේවක පිරිස් සඳහා පිසින ලද ආහාර පාර්සල තාවකාලිකව බෙදා හැරිම ආරම්භකර ඇත. එහෙත් මේ ත්ත්තවයට මුහුණ දීම සඳහා යම් ස්ථාවර විසඳුමක් අවශ්‍ය බැව් අපගේ තේරුම් ගැනීම වේ.''

මේ වනවිට කටුනායක පොලීසිය විසින් ඇතැම් ස්ථානවල අතරමංව ඉන්නා සේවක පිරිස් සඳහා පිසින ලද ආහාර පාර්සල තාවකාලිකව බෙදා හැරිම ආරම්භකර ඇත. එහෙත් මේ ත්ත්තවයට මුහුණ දීම සඳහා යම් ස්ථාවර විසඳුමක් අවශ්‍ය බැව් අපගේ තේරුම් ගැනීම වේ.

එබැවින් මේ පිළිබඳව ඔබගේ ක්ෂණික අවධානය යොමුකර එම සේවක සේවිකාවන්ට ඉදිරි දිනක නැවත සේවා වාර්තා කරන තෙක්  ඔවුන්ගේ සේවා ස්ථාන ආසන්නයේ කෝවිඞ්-19 වෛරසයෙන් ආරක්ෂාවීමට රජයේ උපදෙස් ක්‍රියාත්මක කළ හැකි අයුරු නේවාසික පහසුකම් සැපයීමටත් එතෙක් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන අඛණ්ඩව ලබා දීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් මෙමගින් කාරුණිකව ඉල්ලා සිටිමු.''

ස්තුතියි’ මෙයට විශ්වාසී

ඇන්ටන් මාකස් සම ලේකම්, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

පිටපත්

  1. බැසිල් රාජපක්‍ෂ මහතා - අත්‍යවශ්‍යය භාණ්ඩ බෙදාහැරීමේ කමිටුවේ සම්බන්ධිකාරක
  2. දිනේෂ් ගුණවර්ධන මහතා - නිපුණතා සංවර්ධන රැුකීරක්‍ෂා හා කම්කරු සබ`දතා අමාත්‍ය
  3. සභාපති, - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
  4. ලේකම් - නිපුණතා සංවර්ධන රැකීරක්‍ෂා හා කම්කරු සබ`දතා අමාත්‍ය
  5. කම්කරු කොමසාරිස් ජනරාල් තුමා
  6. ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් - මීගමුව, ගම්පහ සහ කැළණිය.

සබැඳි පුවත් :

ජනාධිපති ලේකම්වරයා හමුදාපතිට දුන් උපදෙසින් වැඩකරන ජනයා අනතුරකට! 


අවවාදයයි:

ඔබ හා කසින හෝ කිවිසුම් පිටකරන කෙනෙකුත් අතර
අවම වශයෙන් මීටරයක (අඩි තුනක) පරතරයක් තබාගන්න.

ඇයි?
කෙනෙක් කහිනකොට, කිවිසුම් පිටකරනකොට ඔවුන් නාසයෙන් හෝ මුඛයෙන් පිටකරන(බෙදා හරින) කුඩා බිඳිතිවල වෛරසය අඩංගු වෙන්න පුළුවන්.
ඉතින් ඔබ අනවශ්‍ය තරමට කිට්ටු වුණොත් (ඒ පුද්ගලයා ආසාදිතයෙකු නම්) ඔබ ඒ වෛරසය අඩංගු බිඳිති ආශ්වාස කරාවි.

(ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය ආශ්‍රයෙන් තතු කණ්ඩායම)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්