ඇඳිරි නීතිය නිසා නිවසට වී සිටින මේ මොහොතේ අඩුම තරමේ තක්කාලි පැලයක්, අමුමිරිස් පැලයක් හෝ ඔබට තියෙන ඉඩ ප්‍රමාණයේ

පැල කරන්නැයි ලක්නා අමන්දි ඉල්ලලා සිටියි.

ජපානයේ පදිංචි මාධ්‍යවේදිනියක වන ඇය එම ඉල්ලීම සිදු කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි.

ඇය තවදුරටත් මෙසේද පවසන්නීය.

''මේ වෙද්දි කොවිඩ් 19 වසන්තගතය ලෝකේ රටවල්  190 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්තවෙලා තියෙනවා. ඇමෙරිකාව, චීනය, ජපානය යුරෝපය වගේ ලෝකේ බලවත් ආර්ථිකය සියල්ල අඩපන කරන්න මේ වෙද්දි මේ වෛරසයට පුලුවන් වෙලා තියෙනවා.

ඉතින් මේ ආර්ථික අඩපණවීමත් එක්ක වැඩි වශයෙන් පීඩාවට පත්වෙන්නේ හෙට දවසේ ඒ බලවත් රටවල්වලට වඩා ශ්‍රී ලංකාව වගේ පොඩි රටවල්. මේ වෙද්දි නිශ්පාදන ක්‍රියාවලිය ඇණහිටලා තියෙනවා අඩුවෙලා තියෙනවා.

විශේෂයෙන්ම ලංකාව ගත්තොතින් ලංකාවේ නිශ්පාදන ක්‍රියාවලිය අඩාලවෙලා තියෙනවා. ඊයේ වෙදිදී ඩොලර් එකක් රුපියල් 191 ක අගයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් තව මාසයකින් දෙකකින් මේ ඩොලර් එකක අගය කීයෙන් නවතීද තියලා අපට හිතාගන්න බැහැ.

 

''හෙට දවසේ තුන්වේල කනවා කියන එකත් ලොකු ප්‍රශ්නයක් වේවි..''

 ඉතින් ඒ නිසා හෙට දවසේ තුන්වේල කනවා කියන එකත් ලොකු ප්‍රශ්නයක් වේවි. ඉතින් කර්ෆිව් දාලා මේ ගෙදර  ඉන්න වෙලාවේදි මම ඔබට යෝජනා කරන්නේ අඩුම තරමේ තක්කාලි පැලයක් අමුමිරිස් පැලයක් හරි ඔබට තියෙන ඉඩ ප්‍රමාණයේ පැල කරන්න උත්සාහ කරන්න.

මොකද ජපානේ තමන්ට අවශ්‍ය එළවළු වගා කරන්න මිනිස්සුන්ට වසන්ගතයක් එන්න අවශ්‍ය කරන්නේ නැහැ. සල්ලි තිබුණත් නැතත් ඒක හැමෝම කරන එකක්.

ඉතින් මේ වගේ රටවල්වල වගා කරන්න පුළුවන් මාස පහක් වගේ පොඩි කාලයක් විතරයි. පස්වල ඉඳලා සල්ලිවලට ගන්න ඕනේ. ඉතින් ශ්‍රී ලංකාවේ අපිට ඒ වගේ තත්වයක් ඇති වෙලා නැහැ.

ඉතින් මේ වෙලාවේ ගෙදරටම වෙලා ඉද්දි පුංචි දෙයක් හරි වගා කරන්න උත්සාහ කරන්න ඒ උත්සාහය හෙට දවසේ වගේම ඔබේ ආර්ථිකයට වගේම ඔබේ පවුලේ ආර්ථිකයටත් ලොකු පිටුවහලක් වේවි. මම ලක්නා ජපානයේ සිට.''

 

සබැඳි වීඩියෝ :

#fightcorona :  ''චීනයේ හැම පුද්ගලයෙක් තුලම ස්වයං පාලනය තිබුනා'' -  සුනේත්‍රා කුමාරි චීනයේ සිට - VIDEO  

#fightcorona :  'නොසැලකිල්ල නිසා ඉතාලියේ වෙනදේ පේනවා නේද ? අපි නිවසේ ඉදන් වැඩකරමු'   - ජයශ්‍රී සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී රෝහිත ජයලත්

#fightcorona : ''මේ ව්‍යසනයෙන් ගැලවීමේ වගකීම ඔබ අතේ'' - නිරෝෂා විරාජිනී (VIDEO) 

#fightcorona : '' අපි මනුස්සයන් විදියට අපි ඉතාම සැලකිල්ලෙන් වගකීමෙන් ගත කළ යුතු කාලයක්''  - සංගීත ශිල්පි මිහිඳු ආරියරත්න 

#fightcorona : 'කොරෝනා තමන්ගේ ගෙදරට එන එක වලක්වා ගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න'' - මාධ්‍යවේදිනී තේජා කටුගම්පල (VIDEO) 

#fightcorona: ''අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන කාලයක්'' - රංගන ශිල්පී රුක්මල් නිරෝෂ් ඔස්ට්‍රේලියාවේ සිට.. (VIDEO) 

#fightcorona: ''අනිත් අය වෙනුවෙන් ඔබ පරිස්සම් වෙන්න'' -කිංස්ලි රත්නායක  

#fightcorona:  ''ජිවිත අනතුරක, සෞඛ්‍ය අංශ දෙන උපදෙස් සියයට සීයක්ම පිළිපදින්න'' - කිෂූ ගෝමස් (VIDEO) 

#fightcorona  :පවුලට ළංවී කොරෝනා පරදමු -නාරද බක්මීවැව (VIDEO) 


end

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්