රට තුළ කොරෝනා වෛරසය පැතිර යාම සමග ජනජීවිතය අවුලට පත්ව තිබෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවට  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම

සඳහා ස්ථාපනය කර තිබෙන අධිකාරියේ ප්‍රධානියා ලෙස ද්විත්ව පුරවැසියකු වන ජනපති සොයුරා පත් කර තිබේ.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමරිකාවේ ද පුරවැසි භාවය හිමි බැසිල් රාජපක්ෂය.

 

ජනාධිපතිගේ විශේෂ නියෝජිත:

එම බලකාය ස්ථාපනය කිරීම දැනුම් දෙමින් ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර විසින් මාර්තු 26 දා ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රිකාවේ බැසිල් රාජපක්ෂගේ නිලය සඳහන් කර ඇත්තේ ජනාධිපතිගේ විශේෂ නියෝජිත ලෙසය. අනෙක් සාමාජිකයන් 39 දෙනාම රජයේ බලධාරීන් හා හමුදා නිලධාරීන්ය.  

''ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර විසින් මාර්තු 26 දා ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රිකාවේ බැසිල් රාජපක්ෂගේ නිලය සඳහන් කර ඇත්තේ ජනාධිපතිගේ විශේෂ නියෝජිත ලෙසය. අනෙක් සාමාජිකයන් 39 දෙනාම රජයේ බලධාරීන් හා හමුදා නිලධාරීන්ය.  ''

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සොහොයුරා මෙන්ම හිටපු ආර්ථික කටයුතු පිළිබදව අමාත්‍යවරයකුද වන බැසිල් රාජපක්ෂ පවසන්නේ සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් සිය  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට සමස්ත ක්‍රියාදාමය යටත් විය යුතු බවයි.

"ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍යතාවකි. ගොවියා සහ දේශීය ආර්ථිකය  සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ."

බැසිල් රාජපක්ෂ ඒ බව සදහන් කර ඇත්තේ මාර්තු 25  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ  රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ  නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී ය.

මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇති බැවින්  උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව  දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.


end

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්