කෝවිඩ්19 හෙවත් කොරෝනා වෛරසය නිසා සිදුවන පාඩුව දැරිය යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාව නොව චීනය බව

රොනල්ඩ් රේගන් ජනාධිපති සමයේ ඇමරිකානු රජයේ නීතිඥයෙකු වූ ලැරී ක්ලේමන් පවසයි.

මෙම වෛරසයෙන් අමෙරිකාවට සිදු වූ පාඩුව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 20ක් චීනයෙන් අය කර ගැනීමට ඔහු විසින් නඩු පවරා ඇති අතර ශ්‍රී ලංකාවටද එයට එක්වන ලෙස ආරාධනා කරයි.

'ඩේලි මිරර්' පුවත් පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ලැරී ක්ලේමන් මෙම අදහස් දක්වා ඇත.

ක්ලේමන් සදහන් කරන ආකාරයට මෙම වෛරසය සිතා මතා හෝ වැරදීමකින් චීනයේ, හුබෙයි ප්‍රාන්තයේ වූහාන් හි පිහිටි වූහාන් වෛරසවේදී ආයතනය වෙතින් පිටවී ඇත.

මේ තොරතුරු අමෙරිකානු එෆ්.බී.අයි. සහ සී.අයි.ඒ. ආයතන දැන සිටියාදැයි දැනගැනීමට සහ අමෙරිකානුවන් ඒ ගැන වේලාසනින් දැනුවත් නොකිරීමට අදාල වගකීම සම්බන්ධයෙන් මේ වන විටත් ක්ලේමන් අමෙරිකානු අධිකරණයේ නඩු පවරා ඇත.

මෙම වෛරසයට අවශ්‍ය ප්‍රති-ජීවකය ඊශ්‍රායලය සතු බවත්, එය එතරම් ඉක්මනින් ඔවුන්ට නිපදවන්නේ මැදපෙරදිග ඉලක්ක කර මෙම වෛරසය ජීව විද්‍යාත්මක අවියක් ලෙස භාවිතා කිරීමට ඔවුන් සැලසුම් කර තිබූ නිසා බවද ක්ලේමන් සිය සාකච්ඡාවේදී සදහන් කරයි.

මුලාශ්‍ර පුවත : Sri Lanka must ensure China is held accountable:US Lawyer


 add 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්