වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන බලෙන්, බලයේ රැඳීම සඳහා ප්රයත්නයන් දරමින් සිටන බවට ජාතික ජන බලවේගයේ
නායකයා චෝදනා කර තිබේ.
පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා බලය තුළින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතා කැත පන්නයේ බල කුමන්ත්රණයක නියැලී සිටින බව අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ.
“ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් උපයෝගී කරගෙන බලෙන්, බලයේ රැඳීම සඳහා ප්රයත්නයන් දරමින් සිටිනවා. මේ ප්රයත්න දරමින් සිටින්නේ ජන වරමකින් බලයට ආ නායකයෙක් නොවෙයි. ජනතාව ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නවත් බලය දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා බලය තුළින් ඉතා කැත පන්නයේ බල කුමන්ත්රණයක නියැලී සිටිනවා. ඔහු ව්‍යවස්ථාවෙන් රිංගා පාර්ලිමේන්තුව මගින් බලහත්කාරයෙන් බලයේ රැඳී සිටීම සඳහා දරන සියලු ප්රයත්නයන් පරාජයට පත්කරන බවට අපි ඔබ ඉදිරියේ සහතික වෙනවා.”
පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඒ බව පැවසීය.
''ආර්ථික විසඳුම ළඟා කර ගත හැකිවන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණයි ''
ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස තිබෙන්නේ ආර්ථික විසඳුම් මිස දේශපාලන විසඳුම් නොවෙන පැවසු ජාජබ නායකයා අර්බුදය විසඳීම ආරම්භ කළ හැකි වන්නේ දේශපාලන විසඳුම් ලබාදීම ආරම්භ කිරීමෙන් පමණක් බව ද කියා සිටියේය.
ආර්ථික විසඳුම සඳහා මාවත නිර්මාණය කර ගත හැකිවන්නේ නව දේශපාලන සංස්කෘතියක් තුළින් පමණක් බවත් දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය විශාල ලෙස පැවරී ඇත්තේ තම පෙරමුණට බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.
(චතුරංග මේදිස්)