theleaderlk 01

කොළඹ 10 මාලිගාවත්තේ පිහිටි බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතාවක් සම්බන්ධ තොරතුරක් අප වෙත ලැබී ඇත. 


ඒ, මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී ප්‍රවර්තන වර්ෂය ද ඇතුළත්ව වසර 3ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ආදායම් බලපත්‍ර ගාස්තු ගෙවූ විට ආදායම් බලපත්‍රය තැපැල් මගින් නොඑවා ප්‍රධාන කාර්යාලයේ රඳවා ගෙන සිටීම සම්බන්ධයෙනි.

මතු දැක්වෙන්නේ අදාළ තොරතුර ලබා දුන් පිරිස අප වෙත යොමු කළ සම්පූර්ණ වාර්තාව ය.

 

මේ කටයුත්ත සඳහා ආදායම් බලපත්‍ර ගාස්තුවලට අමතරව තැපැල් ගාස්තු සහ පහසුකම් සේවා ගාස්තු ද මාර්ගගත අයදුම්කරුවන්ගෙන් ලබා ගන්නා බව සඳහන් කර ඇති මෙම තොරතුරෙහි මාර්ගගතව ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ දී අදාළ පද්ධතියේ මේ පිළිබඳ කිසිම සටහනක් හෝ අවහිරයක් නැති බව ද ඔවුන් පවසයි.

46180 300306393407597 1861122181 nඑම තොරතුරෙහි දැක්වෙන අන්දමට මේ ආකාරයට මාර්ගගතව නොලැබෙන බලපත්‍රය ලබාගැනීම සදහා ඉල්ලුම්කරුවන් සඳහා ප්‍රධාන කාර්යාලයටම පැමිණිය යුතු යි. 

තැපැල් මගින් ආදායම් බලපත්‍රය ලැබෙන තෙක් බලා සිට නොලැබීම ගැන දුරකතනයෙන් පැමිණිලි කළ විට වාහනය අසාදුලේඛන ගත කර ඇති බවත්, ආදායම් බලපත්‍රය තැපැල් මගින් එවිය නොහැකි බව එම කාර්යාලයේ සේවයේ නියුතු අය පවසන බව මෙම තොරතුරු අප වෙත ලබා දුන් පිරිස පවසති.

එම තොරතුරෙහි දැක්වෙන අන්දමට මේ ආකාරයට මාර්ගගතව නොලැබෙන බලපත්‍රය ලබාගැනීම සදහා ඉල්ලුම්කරුවන් සඳහා ප්‍රධාන කාර්යාලයටම පැමිණිය යුතු යි.

මෙම පිරිස විමසා සිටින්නේ: වාහන හිමියන් දැනුවත් නොකර ඒ ආකාරයට වාහන අසාධු ලේඛන ගත කරන්නේ කෙසේද? තැපැල් ගාස්තු අයකර ආදායම් බලපත්‍ර තැපැල් නොකර රඳවා තබා ගන්නේ කෙසේද? පහසුකම් සේවා ගාස්තු අය කළ ද ඉල්ලුම්කරුවන්ට සිදුවූ පහසුව කුමක්ද? යන්න ය. මෙහි දී මාර්ගගත ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව මෙම ඉල්ලුම්කරුවන් පවසා සිටී.

 

4255459 3hOurmLC6GPEm8EVmrlRyXhfGJs4cFgcz3EsbFNbxJcවැය වන කාලය මිල කළ නොහැකි තරම් ය.ඔවුන් ලබා දුන් තොතරතුරුවලට අනුව කොළඹින් දුර බැහැර ප්‍රදේශවල සිට ආදායම් බලපත්‍ර ඉල්ලුම් කළ පුද්ගලයන් දුර කතර ගෙවාගෙන මාලිගාවත්තට පැමිණිය යුතුය. ඒ සඳහා වැය වන වියදම ගෙවූ ආදායම් බලපත්‍ර ගාස්තුව ද ඉක්මවයි. වැය වන කාලය මිල කළ නොහැකි තරම් ය. රඳවා ගත් ආදායම් බලපත්‍රය මුදා හරින්නේ වාහනයේ ලියාපදිංචි හිමිකරුම ප්‍රධාන කාර්යාලයට පැමිණි විට පමණි. බිරිඳ සිය ස්වාමිපුරුෂයාගේ ජාතික හැඳුනුම්පත රැගෙන ගිය ද විවාහ සහතිකය ගේන්නැයි පවසා හරවා යවන බව මෙම ඉල්ලුම්කරුවෝ පවසති.

 

ආදායම් බලපත්‍ර ඉල්ලුම්කාර පිරිස කාර්යාලයට ඇතුළු වූ මොහොතේ සිට පෝලිම්වල රස්තියාදු වීමට මෙහි පැමිණෙන ජනතාවට සිදුවන බවත්, ඇතුළු වන ස්ථානයේ නම් ලියා ගන්නා පෝලිමකේ පවතින බවත්, එහි සිටින නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය නිරපරාදේ නම් ලිවීමට පමණක් වැය කරන බව ඔවුන් සඳහන් කරයි.

මීට අමතරව ඉහළ මහලේ ද විමසීම් සඳහා පෝලිමක් පවතී. පරිගණක, හිඟ, තහවුරු ආදායම් බලපත්‍ර, 3 වන කාමරය, 4 වන කාමරය ආදී ලෙස ඇති සියලු අංශ වල පෝලිම් පවතී. මේ ආකාරයට හිඟ ආදායමක් ගෙවීමට පැමිණෙන පුද්ගලයෙක් අවම වශයෙන් පෝලිම් 5ක රස්තියාදු විය යුතුය. 

මෙසේ පීඩාවට පත් වන්නේ රජයට බදු ගෙවීමට පැමිණෙන ජනතාව ය. 

 

තව ද ප්‍රධාන කාර්‍යාලයට පැමිණෙන ජනතාවගෙන් අනවශ්‍ය ආකාරයෙන් ඡායා පිටපත් ලබා ගන්නා බැවින් ඉල්ලුම්කරුවන්ට ඡායා පිටපත් සඳහා විශාල මුදලක් නිකරුණේ වැය කිරීමට සිදුවේ. මෙහි පවතින වඩාත් උත්ප්‍රාස ජනක සිද්ධිය වන්නේ එක්, එක් අංශයට වෙන වෙනම ඡායා පිටපත් ඉල්ලීම ය. කඩදාසි භාවිතය අවම කිරීම පරිගණක පද්ධතියක් භාවිතයේ එක් අරමුණක් නොවේද?

 

මීට අමතරව මෙහි දී සිදු කෙරෙන තවත් විසුළු ක්‍රමවේදයක් නම්, වාහන අංකය පද්ධතියෙන් බලා එය A4 කඩදාසියක මුද්‍රණය කිරීම ය. එලෙස මුද්‍රණය කළ ද තවත් විටක එම A4 කඩදාසියේ මුද්‍රණය වූ තොරතුරු නැවත අතින් ද ලියයි. මේ පිළිබදව සේවක මණ්ඩලයට පැමිණිලි කළ විට ඔවුන් පවසන්නේ කොමසාරිස්තුමියගේ උපදෙස් පරිදි එසේ කරන බවයි.

 

මේ අනුව බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව යනු පරිගණක පද්ධතියක අවශ්‍යතාව හෝ හඳුනා නොගත් ආයතනයක් බව ඉඳුරාම   කිව හැකි ය. මෙසේ සේවකයන්ගේ ශ්‍රමය සහ මහජනතාව  සූරා කන මේ ආයතනයේ ක්‍රමවේදය බලධාරීන්ට නොපෙනෙන්නේ මන්දැයි වාහන බලපත්‍ර ඉල්ලුම්කරුවෝ විමසා සිටිති.

 

මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අදාළ වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු අතර එය එසේ නොවන්නේ නම් ඒ පිළිබඳ පැහැදිලි කිරීමට ද පිළිවන.

(සටහන - ජයසිරි අලවත්ත)

pe2024 2

worky sin

නවතම පුවත්