කොරෝනා වෛරසය මැඩලීමේ බරපතල ජාතික වගකීමකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

මේවනවිට හුදෙකලා සටනක නිරත වන්නේ ද යන බරපතල සැකය මෙන්ම,  ඔහුගේ සහයට ඉන්නේ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හා උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන දෙදෙනා පමණක් ද යන කුතුහලය සමාජ මාධ්‍ය වල විමසීමට ලක්වෙමින් තිබේ.

ආණ්ඩුවට පක්ෂපාති රජයේ හා පෞද්ගලික සියලුම මාධ්‍යයන් ඔස්සේ සෞඛ්‍ය විෂයබාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු වෙනත් මැති ඇමතිවරුන් හා වසංගත රෝග සම්බන්ධ වෛද්‍ය විශේෂඥයින් අභිභවා යමින් ඔවුන් දෙදෙනාට විශේෂ සැලකිල්ලක් හා අනුග්‍රහයක් හිමිවීම එවැනි කුතුහලයක් ඇතිවීමට බලපෑ මුලික කාරණයක් වූ අතර මුරුත්තේටුවේ ආනන්ද හිමියන් ඊයේ මාධ්‍ය හමුවකදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය එම සැකය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වී ඇත.

''ඇමතිවරුන් ගෙවල්වල හැංගිලා'' !!!

එම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ පැවසුයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා දිවා රාත්‍රී වෙහස වුවත්, ඔහුගේ අනුගාමිකයෝ කොරෝනා හැදිච්ච ලෙඩ්ඩු වගේ නිවෙස් වලට වී සිටින බවයි.

''කොරෝනාවට බයේ ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්න එළියටවත් බහින්නේ නැති අපේ ඇමතිවරු දැන්වත් ගිහින් ජනතාව ගැන දුක සැප හොයලා ඔවුන්ගේ අඩුපාඩු සොයා බලන ලෙස මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.'' යයි ද උන්වහන්සේ පැවසුහ.

''රටේ රජ්ජුරුවෝ රටේ නායකයා මොන තරම් මහන්සි ගත්තත් ඔහුගේ ඇමතිවරුන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය උන්නදුවක් නොදැක්වුවහොත් රජ්ජුරුවෝ කරන දෙයින් වැඩක් වෙන්නේ නැති බවයි පෙනෙන්නේ.'' උන් වහන්සේ එහිදී දැඩි ලෙස අවධාරණය කර සිටියහ.

''සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය සංදර්ශන විතරයි....''

''සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සමහරක් අය මාධ්‍ය සංදර්ශන කරනවා මිසක් වෙන මොනවාද කරන්නේ '' යයි ප්‍රශ්න කර සිටී උන්වහන්සේ, මාධ්‍ය සංදර්ශනවල ඉන්න නිලධාරීන්ටත් වෛද්‍යවරුන්ටත් අපි කියනවා මාධ්‍ය සංදර්ශනවලටත් වඩා ජනතාව ළඟට ගිහින් ජනතාවගේ දුක සැප සොයා බලනවානම් ඒකයි ජනතාවගේ ප්‍රසාදයට හේතු වන්නේ කියලා...'' යයි කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉලක්ක කරමිනි.  

මේ කියන්නේ මොකක්ද ?

උන්වහන්සේගේ ආවේගාත්මක ප්‍රකාශය සම්බන්ධයෙ සමාජ මාධ්‍ය වල විවිධාකාරයේ මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ මෙවැනි අදහසකි.

''මේ කියන්නෙ ජනාධිපතිට එයාගෙ ගෝලයින්වත් හසුරුවා ගන්න බැහැ කියලනෙ. එයා යටතේ කවුරුවත් හරියට වැඩ කරන්නෙ නැහැ කියන්නෙ එයාට කාගෙන්වත් හරියට වැඩ කරවා ගන්න දන්නෙ නැහැ කියන එකනෙ''

 

''කේවට්ට කතාව මරු''

මේ සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදී සිය අනන්‍යතාවය හෙලිනොකරන්නයි ඉල්ලා සිටිමින් අදහස් දැක්වූ ආණ්ඩුවේ ප්‍රබලයකු පැවසුයේ, මුරුත්තේටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රකාශවලට කිසියම් පදනමක් ඇති බවයි.

මේ තීරණාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය ඇමතිවරි හැර වෙනත් කිසිඳු ඇමතිවරයකුට නිශ්චිත වගකීමක් පවරා නොමැති බව පැවසු ඔහු, කේවට්ටයන් ගෙන් ප්‍රවේශම්වන්නැයි උන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් කළ ඉල්ලීම අගය කළ යුතු බව ද කියා සිටියේය.

''ඇත්තටම කියනවා නම් අපේ අගමැතිතුමාටත් හරියට වැඩක් පවරලා නැහැ. අගමැතිතුමා ආහාර බෙදන වැඩේට බැසිල් මහත්තයාව පත් නොකලානම් හෙට අනිද්දා වෙනකොට අපට ගමටවත් යන්න බැරි තත්වයක් ඇතිවෙන්න තිබුනා. '' යයි ඔහු වැඩි දුරටත් පැවසිය.

 

 'කේවට්ටයන්' කිවේ වියත්මඟ 'සෙට්' එකට ද ! 

අගමැති මහින්ද රාජපක්ෂට ඉතාමත් සමීප හිමිනමක වන මුරුත්තේටුවේ ආනන්ද හිමියන් 'කේවට්ටයන්' ලෙස හැඳින්වුයේ කව්රුන්ද යන කාරණය සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පලවේ.

ඇතැමුන් එය 'සීතා අරඹේපොල' නඩය ඉලක්ක කර එල්ල කළා වියහැකියි පවසද්දී, ඇතැමකු පවසන්නේ එම ඇනුම් පදය එල්ල කළේ 'ජයවීර කල්ලිය' වෙත විය හැකි බවය.

කෙසේවුවද ප්‍රියමනාප කාන්තාවක වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ඇතැමුන්ගේ විවේචන ආරම්භ වුයේ ජනාධිපතිවරයා විසින් ඇයව බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයට පත්කළ මොහොතේ සිටය. අනතුරුව ඇයට එම තනතුරින් ඉල්ලා  අස්වන්නැයි කියා මහ මැතිවරණ 'පොහොට්ටු' පක්ෂයේ ජාතික ලැයිස්තුවට පත්කළ මොහොතේ සිට ඇයට එරෙහි අභ්‍යන්තර විරෝධය උත්සන්න වී ඇත.

 

සිතා 'තාරකාවියක්' ලෙස ඔසවා තැබූ මාධ්‍යය !

Western Province Governor, Dr. Arambepola, hands in resignationඇස්වල කඳුළු පොරවා ගනිමින් ඇය කැමරාව අභිමුව කරන හැඟීම්බර ප්‍රකාශ අතිශයින් ම වසඟකාරීය...  

'වියත්මඟ' ආරම්භක ක්‍රියාකාරිනියක වන ඇයගේ වැඩකටයුතු වලට ජනාධිපතිවරයාගේ නිරන්තර සහය හිමිවන බවට ඉඟි ලැබීමත් සමග රජයේ හා පෞද්ගලික මාධ්‍ය මේවනවිට ඇයව මාධ්‍ය ක්ෂේත්‍රයේ 'තාරකාවියක්' ලෙස ඔසවා තබමින් සිටියි.

මේවනවිට ඇතැම් මාධ්‍ය ප්‍රධානින් විසින් ඇයව හඳුන්වන්නේ අනාගත ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරිය ලෙසයි.

 වසංගත රෝග පිලිබඳ විශේෂඥයින් ගණනාවක් මෙරට සිටියද ඉහත තත්වයන් තුළ මේ දිනවල ඕනෑම මාධ්‍ය සාකච්ජාවකට නැතිවම බැරි චරිතයක් බවට පත්ව පත්ව ඇත්තේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ (ENT) වෛද්‍ය සීතා අරඹේපොලයි.

එය කොතරම් ද යත් සෞඛ්‍ය විෂයබාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිටත් වඩා වැඩි ඉඩක් මාධ්‍ය තුල මේවන විට වෛද්‍ය සීතා අරඹේපොලට ලැබී ඇත.

ජනප්‍රියත්ව පසුපස හඹා යන වෛද්‍ය සිතා, මේදිනවල ඕනෑම ප්‍රශ්නයකට මාධ්‍ය ඔස්සේ පිළිතුරු දෙන හෙයින් ඇතැම් සමාජ මාධ්‍ය විසින් ඇයව හඳුන්වන්නේ ''වොයිස් කට් සිතා' ලෙසිනි.

සබැඳි පුවත් :

මුරුත්තේටුවේ හිමි කට අරී : සෞඛ්‍ය බලධාරීන්ට බැට දෙති -ජනපති තනිකර ඇමතිවරු ගෙවල්වල ලු !. (VIDEO)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්