කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ගම්මාන දෙකක් වසා දමා තිබේ.

ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසකි.   මහනුවර අකුරණ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයා වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

මෙම ආසාදිතයා සමග සබදතා පැවැත්වූ පුද්ගලයින් සොයා ආරක්‍ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එමෙන්ම පුත්තලම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවූ අතර ඔහු සමගද සබදතා පැවැත්වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 'නෙත් නිවුස්' වෙත පැවසිය.

එහිදී අකුරණ නගරයම නිරෝධායනයට ලක් කර ඇති බවත් පුත්තලම ප්‍රදේශයේ ගම්මානයක 100කට අධික පිරිසක්ද නිරෝධායනයට ලක් කිරීමට සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image