අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී ඊයේ (16) රාත්‍රී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවය.
එසේ මියගොස් ඇත්තේ, 2002 වසරේ වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන නමැති හිටපු ක්‍රීඩකයායි.
1983 පෙබරවාරි 22 ගාල්ලේදී උපත ලැබූ ධම්මික මිය යනවිට වයස අවුරුදු 41කි.
19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ධම්මික එවකට හඳුන්වනු ලැබුවේ 'ජොන්ටි' ලෙසයි
ඔහු හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ද ක්‍රිකට් ක්‍රීඩා කර තිබේ.
දකුණත් පිතිකරුවෙක් ලෙස කටයුතු කළ ධම්මික මඳ වේග පන්දු යවන්නෙක් ලෙස ද ක්‍රීඩා කර තිබේ.
ඔහු පළමු පෙල තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර ලකුණු 269ක් ලබා ඇත.
ඔහු බිඳ දමා ඇති කඩුලු ගණන 19කි.
ධම්මික නිරෝෂනගේ ඝාතනය පිළිබඳ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.