theleaderlk 01

ලබන වසරේ මැද භාගය වන විට පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති තාවකාලිකව අත්හිටුවීම නතර කිරීමට

ඉඩ ඇතැයි ඇතැයි මුදල් රාජ්‍ය  ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

සංචාරක ඉපැයීම් ඉහළ යෑම, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙ ඉපැයීම් ඉහළ යෑම, අපනයන ආදායම් වැඩිවීම ඇතුළු කරුණු ගණනාවක් නිසා මේ වන විට මෙරට නිල  විදේශ සංචිත ඉහළ ගොස් ඇත.

එසේ නමුත් පෞද්ගලිකව වාහන ආනයනය කිරීමට තරම් එකවර ඉඩදීමට එය ප්‍රමාණවත් නොවන සංචිත මට්ටමක් බවද ඇමතිවරයා කිය.


වසර 2020 මාර්තු මාසයේදී මෙරටට රථවාහන ආනයනය තාවකාලිකව අත්හිටුවන ලදී.  එම තීරණය ගෙන මේ වන විට වසර හතර හමාරකට ආසන්න වී තිබේ. එවන් පරිසරයක් තුළ මෙරටට අවශ්‍ය රථ වහන ගෙන්වීමට පියවරෙන් පියවර ක්‍රමානුකූලව ඉඩ ලබාදීමට රජයේ සැලසුම් කොට ඇතැයි ද ඇමති සියඹලාපිටිය කීය.


මේ සඳහාද රජය තනිව තීන්දුවක් නොගන්නා බව අනාවරණය කළ ඇමතිවරයා,එවැනි තීරණයක් ගැනීමට  ප්‍රථම අදාළ විෂය සම්බන්ධව සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් ලෙස කතිකාවක් කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යංශයට උපදෙස් දුන් බවද ඇමතිවරයා සිහිපත් කළේය.  

මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවට රථවාහන ගෙන්නවන ආනයනකරුවන්ගේ සංගම්, වාහන අලෙවි කරන්නන්ගේ සංගම් ඇතුළු මේ ක්ෂේත්‍රයට සම්බන්ධය සියලු ආයතන හා නියෝජිතයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කෙරිණි .

එහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් පුළුල් සාකච්ඡා ගණනාවක් සිදුකොට ඇත. ඒ අනුව සකස් කළ වාර්තාව  මේ වන විට නැවත වතාවක් අධ්‍යයනය කරමින් පවතී.

රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිතය .

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පසුගිය 04 වැනි දා රැස් වූ අතර එහි අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය වන විට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එකගත්වය පළ වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


එම වාර්තාව අනුව රටේ විනිමය තත්ත්වයට කිසිදු අනිසි බලපෑමක් ඇති නොවන පරිදි සහ ජනතා අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව වාහන ආනයනය සිදු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා පැවැසීය.


පොදු ප්‍රවාහන වාහන, භාණ්ඩ ප්‍රවාහන වාහන, විකල්ප වාහන, සාමාන්‍ය වාහන සහ පෞද්ගලික වාහන යන අනුපිළිවෙළ යටතේ රථ වාහන ආනයන කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේය .

 මේ අතර සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය රථ වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර මෙතෙක් එම වාහන අතුරින් කිසිවක් ආනයනය කර නොමැති බව අමාත්‍යවරයා පැවැසීය.

 මේ යටතේ බස් රථ 250ක් සහ වෑන් රථ 750ක් ආනයනයට අවසර ලබා දී ඇත්තේ සංචාරක  අමාත්‍යාංශයේ අවසරයට යටත් ව  බව ද  රාජ්‍ය ඇමති සියඹලාපිටිය කීය.


සෑම කෙනෙකුටම වාහනයක් මිලදී ගැනීමේ සිහිනය බොඳ නොවීමට වගබලා ගැනීම රජය අරමුණු බවද ඇමතිවරයා කිය.


වාහන ආනනකරුවන් විවිධ මත පළ කල ද රජය  සෑම විටම පාරිභෝගික ජනතාව ගැන කල්පනා කරන බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී වාහන වෙළඳපොලේ විශාල මිල උච්චාචනයකට ඉඩ කඩ පෑදෙනු ඇත .

(ජේ. මුණසිංහ)

pe2024 2

worky sin

නවතම පුවත්