කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවන මරණය අද මීගමුව මහ රෝහලෙන් වාර්තා වී තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මීගමුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ මෙම පුද්ගලයා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා මීගමුව මහරෝහළ වෙත යොමු කර තිබේ.

එහිදී එහි ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගියේය.

මෙම රෝගියා ඇතුලත් කර සිටි මිගමුව රෝහලේ වාට්ටු සංකීර්ණය මේ වන විට මුද්‍රා තබා ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දුතහවුරු කර සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්