කොරෝනා නොහොත් කොවිඩ් -19  වසංගතය හේතුවෙන් මේවන විට (මාර්තු 30 ) ප්‍රංශයේ මරණ සංඛ්‍යාව 2602 දක්වා

ඉහල ගොස් ඇති අතර සුවපත්වී නිවෙස් කරා ගිය සංඛ්‍යාව 7207 ක් ලෙසත් අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 40,174ක් ලෙසත් වාර්තා වන්නේය.

ඒ අතරතුර මෙම වසංගතය හේතුවෙන් මරණයට පත්වූ ප්‍රථම ප්‍රංශ ප්‍රසිද්ධ දේශපාලඥයාද 29 වෙනි ඉරු දින පැරීසියේදී මිය ගියේය.

පසුගියදා අභාවප්‍රාප්තවූ ජනාධිපති ජැක් සිරාක් හා හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි රජයන්හී ප්‍රධාන ඇමති තනතුරු හෙබවූ දක්ෂිණාංශික දේශපාලඥයෙක්වූ 75 හැවිරිදි පැට්රික් ඩෙවෙඩ්ජිආන් ඉහත වෛරසය ශරීර ගතවී අසාධ්‍යවීම හේතු කොට මාර්තු මස 25 වෙනි බදාදා පැරීසියේ රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාර්තු 29 වෙනි ඉරුදින මෙලොවෙන් සමු ගත්තේය.

මියයන විට පැරිස් මැතිවරණ කළාපයට නුදුරු හොට්ස් ඩී ශේන් පලාත් පාලන ආයතනයේ  සභාපති ලෙස කටයුතු කල උපතින් ආර්මේනියන් ජාතිකයෙක් වූ ඔහු වෘත්තියෙන් දක්ෂ නීතීඥයෙක් ලෙස කටයුතු කළේය.

Patrick Devedjian : émotion de droite à gauche, Sarkozy salue son ...

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්