theleaderlk 01

රටක් ලෙස ගොඩ ඒමට දශලක්ෂයක් නව ව්‍යවසායකයන් බිහි කරන බවත් එය පාසලේ සිට ආරම්භ විය යුතු බව විපක්ෂ නායකවරයා පවසයි.


ව්‍යාපාර කළමනාකරණ, ගිනුම්කරණය, ආර්ථික විද්‍යාවටද ප්‍රමුඛතාව ලබා දී වටිනාකමක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ගම්පහ ගනේමුල්ල හේමමාලි විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 378 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නව නිර්මාණ කරුවන්ට තැනක් ලබා දෙන බව මෙන්ම නව ව්‍යාපාර දිරි ගන්වන්න දරාගත හැකි පිරිවැයකට ප්‍රවේශය ලබා දෙන බව ද ඔහු කියා සිටියේය.

නව ව්‍යවසායකයන් ලෙස සමාජයට ප්‍රවේශ වී ව්‍යාපාරකරුවන් විය හැකි බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

මේ නිසා උපාධියෙන් පසු රාජ්‍ය අංශයේ රැකියා ආපේක්ෂා කරමින් දේශපාලන ගජමිතුර සබඳතා ඇති කර ගන්නවා වෙනුවට සෑම දරුවකුටම ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් ගොඩනැගීමේ පරිසරය ඇති කරන බවත් හෙතෙම පැවසීය.

තවමත් තොරතුරු තාක්ෂණ විෂය 6-13 ශ්‍රේණිවල පමණක් ක්‍රියාත්මක වන නිසා එය අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබා දී 1-13 විෂයක් ලෙස අනිවාර්ය කර ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.

(චතුරංග මේදිස්)


pe2024 2

worky sin

නවතම පුවත්