ආර්ථික වශයෙන් කඩා වැටුණු රට යළි ගොඩනැගීමට කටයුතු කළ නායකයාට මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය
ලබාදිය යුතු බව මුදල් රාජ්‍ය ඇමති ආචාර්ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කර සිටියි.
හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතාගේ 24 ගුණානුස්මරණ උත්සවය අද (27) පෙරවරු වරකාපොල නගර මධ්‍යයේ පැවැති අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය සියඹලාපිටිය මේ බව කිය.
දේශපාලන හැලහැප්පීම් පවතින වටපිටාවක ජනතාව වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවය හැඳින ගෙන දේශපාලනඥයින් කැපකිරීම් කළ යුත්තේ කෙසේ දැයි සැමටම ආදර්ශයක් ගත හැකි ආකාරයේ කටයුතු කළ දිවංගත හිටපු සංචාරක ගුවන් සේවා සහ ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායක අමාත්‍යවරයාගේ ගුණය සහ අගය පෙරකවරදාටවත් වඩා අද දැනෙන බව මුදල් රාජ්‍ය ඇමති ආචාර්ය රංජිත් සියඹලාපිටිය එහිදී ප්‍රකාශ කළේය.
වරකාපොල විද්‍යා ප්‍රකාශ මහ පිරිවෙනේ හිටපු පරිවෙනාධිපති සහ වරකාපොල පිලාඩුව විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අකුරුගම්මන අනෝමදස්සි නාහිමිගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් පැවතිණි. එහිදී අනුස්මරණ ගුණ කථනයක් පැවැත් උන්වහන්සේ දිවංගත ධර්මසිරි සේනානායක මහතා වරකාපොලට, දැදිගම ජනතාවට, කෑගලු ජනතාවට පමණක්ම නොව මුළු රටටම, ජනතාවටම අතිවිශාල සේවාවක් ඉටුකළ බව පැවසූහ .
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා යුගයේ අවශ්‍යතාවය හැඳින රට දිනවන නායකයා සමග එකතු විය යුතු බව තම අදහස යැයි පැවසු අමාත්‍ය සියඹලාපිටිය, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් අත්වැල් බැඳෙන ඇතැයි ද කීය.
අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය තවදුරටත් මෙසේද පැවසිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම ක්‍රියා කර තිබෙන්නේ යුගයේ අවශ්‍යතාව හැඳින්ගෙනයි. අපේ පක්ෂය 1952 පිහිටුවන දින සිට කටයුතු කළේ එලෙසයි. සැමවිටම කටයුතු කර තිබෙන්නේ රටේත් ජනතාවගේ යහපත සඳහායි.
යුගය අවශ්‍යතාව කුමක්ද? එය දිනවිය හැකි නායකයා කවුද? ඔහුට සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය සිට කර තිබෙනවා.
වත්මන් යුගය ගැන හිතන විට අපට කටයුතු කිරීමට පහසුයි. අපේ අතීත නායකයො කටයුතු කළ ආකාරය ආදර්ශයට ගෙන අපට තීන්දු ගැනීමට පහසුයි .
රට ආර්ථික වශයෙන් කඩා වැටෙන විට නඟා සිටුවේ වත්මන් ජනාධිපතිතුමායි.
ජනපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ තව වසර පහක්වත් ක්‍රියාත්මක කළ යුතුයි. එයට සහයෝගය දැක්වීමට අප සියලු දෙනා එක් විය යුතුයි.
තාක්ෂණ රාජ්‍ය ඇමති කනක හේරත්, දැදිගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක සහ වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් සුමනසුරිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතියේ සභාපති සහ වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අරුණසිරි මුහන්දිරම් මෙහිදී අදහස් දැක්වූ අතර ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ.
(ජේ .මුණසිංහ)