theleaderlk 01

මෙරට සිටින අලි ගහනය කොපමණදැයි සොයා බැලීමට අලි සංගණනයක් ඉදිරියේදී සිදු කිරීමට රජය සැලසුම් කොට ඇත.


මේ අන්දමට මෙරට අලි ගහනය පිළිබඳව නිවැරදි දත්ත සොයාගැනීම සඳහා මෙම සංගණනය සිදුකරන බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ ඇමතිනි නීතීඥ පවිත්‍රා වන්නආරච්චි ප්‍රකාශ කළාය.

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය පිළිබඳව පැහැදිලි කරමින් ඇය එබව කියා සිටියේ, කොළඹ කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) දහවල් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

අලි මිනිස් ගැටුම කළමනාකරණය කර ගනිමින් තම අමාත්‍යංශය පසුගිය දෙවසරක කාලය තුළ ඉතා සාධනීය වැඩ කොටසක් සිදුකොට ඇතැයි ද ඇය කීවාය.

මේ අන්දමට අලි සංගණනයක් සිදුකරනුයේ වසර දහතුනකට පසුවය.

ඉදිරි මාස දෙක තුනක් තුළ මෙම සංගණනය සිදු කිරීමට හැකි වනු ඇතැයි ඇමතිනිය පැවසුවාය.

(ජේ. මුණසිංහ)

 

pe2024 2

worky sin

නවතම පුවත්