theleaderlk 01

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිතුමා සිය ජීවිත කාලය තුළ මෙරට සහ ජාත්‍යන්තරව සිදුකළ සුවිසල් ආගමික සාමාජීය සේවා අගය කරමින්

ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය දූත මණ්ඩලය විසින් ප්‍රනාන්දු දේවතවරයාට ගෞරව සම්මානයක් සහ එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විධායක අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ.

කටුනායක පිහිටි සුප්‍රසිද්ධ Miracle Dome පරිශ්‍රයේදී ඉකුත්දා පැවැති ඓතිහාසික උත්සවයකදී ජෙරොම් ප්‍රනාන්දු දේව ගැතිතුමාට ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය දූත මණ්ඩලය විසින් 2024 වසරේ කීර්තිමත් Miracle Power Prophet Oracle of Divinity සම්මානය පිරිනමනු ලැබීණි.

මෙම ප්‍රශංසාවට සමගාමීව ජෙරොම් ප්‍රනාන්දු දේව ගැතිතුමා ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය දූත මණ්ඩල විදේශ කටයුතු විධායක අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඇතුළුව 6,000 කට අධික පිරිසක් සහභාගී වූහ. ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය දූත මණ්ඩලයේ සභාපති ඒ.ආර්. එන්.( ARN) අමීර් ඛාන් සභාව ඇමතූ අතර, රටවල් 124 කින් ජෙරොම් මෙම සම්මානය සඳහා තෝරාගෙන ඇත්තේ ඔහුගේ විශිෂ්ට සමාජ සත්කාර සහ පුණ්‍ය කටයුතු සිදු කරන බැවිනි.

"ජෙරොම් ප්‍රනාන්දු තුමාණන් විසින් ඔහු විසින් සපයන ලද ආශ්චර්යමත් සුව කිරීම්, ඔහුගේ පුළුල් පුණ්‍යායතන, ඔහු ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගත් බොහෝ ජාත්‍යන්තර අමුත්තන් සහ ඔහුගේ සැලකිය යුතු ආර්ථික දායකත්වය සඳහා පිළිගැනීමට ලක් වි ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ මූලස්ථානය වන ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය දූත මණ්ඩලය, ජෙරොම් ප්‍රනාන්දු දේව ගැතිවරයාගේ සමාජ අභිවෘද්ධිය සඳහා වූ නොසැලෙන කැපවීම සහ දේශීය හා ගෝලීය වශයෙන් ප්‍රජාවන් කෙරෙහි ඔහුගේ ගැඹුරු  ආකාරයෙන් සිදුකළ සේවා අගය කිරීමට ලක් කළේය.

සම්භාවනීය අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සව සභාව පැවැත්විණ.

(ජේ .මුණසිංහ)

xzdtw4534

pe2024 2

worky sin

නවතම පුවත්