ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රාදේශීක නිකායරක්ෂක දායක සභාව සහ මහා දායක සභාව මෙම මස 04 වෙනි ඉරිදා සවස 2.30ට
කොළඹ නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානය
වසර 07කට වරක් පැවැත්වෙන මෙම මහා සභාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහා නායක, අග්ගමහා පණ්ඩිත, විනය විශාරද, මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
දායක සභාවේ සභාපති හිටපු කතානායක දේශමාන්‍ය කරූ ජයසූරිය, ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාරික ධනවර්ධන ගුරුගේ ප්‍රධාන ප්‍රාදේශීය නිකායාරක්ෂක දායක සභා 48හිම හත් දෙනා බැගින් නියෝජිතයෝ 336 දෙනෙකු ඇතුලු මහා සභාවේ සම්භාවනීය පිරිස මේ අවස්ථාවට සහභාගී වෙති.
(ජේ. මුණසිංහ)