ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි වසර 100ක් පමණ පැරැණි තබ්ලික් ජමාද් නම් ඉස්ලාම් නිකායට අයත් දකුණු දිල්ලියේ පිහිටි

මාකාස් නිසාමුදීන් නැමැති ඉස්ලාම් දේවස්ථානයේ පැවැති දේව මෙහෙයන් වලට සහභාගි වූ බැතිමතුන් 128 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත වූවන් බවට හඳුනාගෙන ඇතැයි ඉන්දීය බලධාරිහු පවසති.

මේවනවිට එම දේවස්ථානයට මුද්‍රා තබා ඇති අතර ඉරිදා සිට 1,900 කට වැඩි පිරිසක් ඉවත් කර තිබේ.

වෛරසය ආසාදනය වූවන් නව දිල්ලි නගරය හැරුනු කොට ජම්මු කාශ්මීර් ප්‍රාන්තය, තෙලන්ඟානා ප්‍රාන්තය, ඇසෑම් ප්‍රාන්තය, අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය, තමිල්නාඩු ප්‍රාන්තය, අන්දමන් සහ නිකෝබාර් දූපත් වලින්ද හමුවී ඇත.

මේ අතර ඉන්දීය බලධාරීන් නිශ්චිතවම වෛරස ආසාදිතයන් පතුරුවා හැරී කෙන්ද්‍රය ලෙස දිල්ලියේ පිහිටි නිසමුදින් නැමැති ඉස්ලාම් දේවස්ථානය හඳුනා ගත් පසු එහි බලධාරින් හමුවී දේව මෙහෙයන්ට සහභාගි වූවන් හඳුනා ගැනීමට කටයුතු කිරීමේ දී ඉන්දීය ජාතිකයන්ට අමතරව විදෙස් රටවලින් පැමිණි බැතිමතුන් 300කට අධික පිරිසක දේව මෙහෙයන්ට සහභාගි වී ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටී.

විදෙස් රටවලින් පැමිණි බැතිමතුන් අතර ඉන්දුනීසියාවෙන් පැමිණි 72ක්, තයිලන්තයෙන් පැමිණි 71ක්, නේපාලයෙන් පැමිණි 19ක්, මැලේසියාවෙන් පැමිණි 20ක්, මියන්මාරයෙන් පැමිණි 33ක්, ශ්‍රී ලංකාවෙන් පැමිණි 34ක් , බංගලා දේශයෙන් පැමිණි 19ක් සහ කිරිගිස්තානයෙන් පැමිණි 28 ක්ද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටි.

Dilhi Mosque

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන නිසමුදින් ඉස්ලාම් දේවස්ථානයේ පාලන අධිකාරිය තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොකළ බව පවසා සිටී.

කෙසේ වුවද ඉන්දීය රජය ඔවුන්ගේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂෙප කරන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටින අතර ඉන්දීය රජය නිසමුදීන් පල්ලියේ පාලන අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පවසා සිටී.

(ජීවන්ත ජයතිස්ස - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මූලාශ්‍ර – www.ndtv.com      

          – www.news18.com

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්