කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා යයි කියමින් මෙරටට ගෙන්වා ඇති “අවිගන්” ඖෂධය වෙනත් රටවලට ලබා දෙන්නේ

ජපාන රජයේ අනුමැතියට යටත්ව අත්හදා බැලීම සඳහා පමණක් බව එම ඖෂධය නිශ්පාදනය කරන සීමාසහිත ෆුජිෆිල්ම් ටොයාමා කෙමිකල් සමාගම පසුගිය 27 දා එනම් මෙයට දින 4කට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

එම නිවේදනයෙහි කිසිදු තැන මෙම ඖෂධය ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බව දක්වා නැති අතර එය තවම පවතින්නේ සායනික පර්යේෂන මට්ටමේහි බව පැහැදිළිවම ප්‍රකාශ කර තිබේ.

 

ශ්‍රී ලංකා ආණ්ඩුව කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා, රජයේ ඉල්ලීමක් මත ජපානයේ නිෂ්පාදිත අවිගන් ඖෂධ පෙති 5000ක් මෙරටට ආනයනය කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පසුගියදා පැවැසීය.

මෙම ඖෂධ පෙති ඊයේ (31 වැනිදා) දිවයිනට ලැබුණු බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගීන්ට ලබාදෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.

කෙසේවුවද, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ, කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන්ට ලබාදීම සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ ‘‘අවිගන්’’ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බවයි.   ශ්‍රී ලංකාවට කිසියම් ඖෂධයක් ආනයනය කරන්නේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබාගත යුතුය. එහි ලියාපදිංචි විය යුතුය.

එහෙත් ‘අවිගන්’ ගෙන්වීමට කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ‘‘අරුණ’’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ජාපානයේදී මෙම ඖෂධය සම්බන්ධයෙන් සායනික පර්‌යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත්, මෙම ඖෂධය ජපානයේ ඖෂධ නියාමන අධිකාරියේද ලියාපදිංචි කර නොමැති බවත්  ඔහු අවධාරණය කර සිටියි.

මෙම ඖෂධය විද්‍යානුකූලව තහවුරු කර නොමැති අතර අනුප්‍රාප්තික ඖෂධයක් ලෙස දැනට ජපානය හඳුනාගෙන තිබේ.

 

මැලේරියා පෙති ගැන දැන් කවුරුවත් කතා නැ !

මෙයට පෙර මෙවැනිම පිරිස් විසින් වර්ණනා කරන ලද මැලේරියා රෝගීන්ට ලබාදෙන (හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්- (Chioroquine සහ Hydroxychioroquine)  ඖෂධ ගැන දැන් මේ කිසිවකු කතා කරන්නේ නැත. ක්ලොරක්විනීන් මගින් ඇතිවන අතුරු අබාධ නිසා එය අත්හදා බැලීමක මට්ටමෙන් තවම ඉදිරියට ගොස් නැත.

 

ජපන් සමාගමේ නිවේදනය මෙන්න :

සීමාසහිත ෆුජිෆිල්ම් ටොයාමා කෙමිකල් සමාගම නිකුත් කර ඇති නිවේදනයේ සිංහල පරිවර්ථනයක් පහත පළවේ.

සීමාසහිත ෆුජිෆිල්ම් ටොයාමා කෙමිකල් සමාගම විසින් නිශ්පාදනය කරනු ලබන අවිගන් ටැබ්ලටය පිළිබඳව ෆුජිෆිල්ම් සංස්ථාව සපයන නිවැරදි තොරතුරු මෙසේ ය.

27 මාර්තු 2020.

“අවිගන්” පෙති 2014 දී ජපානයේ නිෂ්පාදනය හා විකිණීම සඳහා අනුමත කරන ලද්දේ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිවෛරස් ඖෂධයක් ලෙස ය. මෙම ඖෂධය භාවිතය සඳහා සලකා බැලිය යුත්තේ වෙනත් ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිවෛරස් ඖෂධ පලදායී හෝ ප්‍රමාණවත් ලෙස පලදායී නොවන, නව හෝ නැවත ඉස්මතු වන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ආසාදන ඇති වූ විට පමණක් වන අතර ජපාන රජය එම ඖෂධය එවැනි ඉන්ෆ්ලුවෙන්සා වෛරස්වලට එරෙහිව යොදා ගැනීමට තීරණය කළේ ය.

මේ අනුව, ජපාන රජය සතුව කිසියම් ඖෂධ තොගයක් ඇති අතර, අවිගන් පෙති කිසි විටෙක වෙළඳපොලේ බෙදා හැර නොමැති අතර ජපානයේ හෝ විදේශයන්හි රෝහල් සහ ඔසුසැල්වල නොමැත.

“අවිගන්” පෙත්තෙහි ක්‍රියාකාරී‍ ඖෂධීය සංඝටකය වන ෆාවිපිරාවිර්හි වෛරස් පැතිරීම වළක්වන ක්‍රියාකාරී යාන්ත්‍රණයක් ඇත. මෙම ඖෂධය නව කොරොන වෛරසයට ප්‍රතිවෛරස් බලපෑමක් ඇති කළ හැකි ය. මන්ද යත් අතර එය ද ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් (තනි පටු ආර්එන්ඒ වෛරසය) ලෙස එකම වර්ගයට වර්ගීකරණය කර ඇති නිසා ය.

කෙසේ වෙතත් “අවිගන්” ඕෂධය මෙම අවස්ථාවෙහිදී පවතින්නේ නව කොරොන වයිරස් රෝගයට (කොවිඩ් -19) එමගින් ප්‍රතිකාර  කළ හැකිද යන්න සහ එහි සුරක්ෂිතබව තහවුරු කරගැනීම සඳහා කැරෙන සායනික අත්හදාබැලීමේ අධ්‍යනයන්  මට්ටමෙහි ය.

“අවිගන්” පෙති ජපානය හැර වෙනත් කිසිදු රටක අලෙවිකිරීම සඳහා අනුමත කර නොමැත. වෙනත් ජාතික රජයක් හෝ නියාමන අධිකාරියක් විසින් අවිගන් පෙති භාවිතය තීරණය කරන්නේ නම්, ජපාන රජය සමඟ සාකච්ඡා කර සම්බන්ධීකරණයෙන් යුතුව එවැනි රටවලට අවිගන් පෙති සපයමින් අවංකව සහයෝගයෙන් කටයුතු කිරීමට ෆුජිෆිල්ම් කණ්ඩායම අදහස් කරයි.

මුලාශ්‍රය : Information of Avigan Tablet in relation to Covid-19

(උපුටා ගැනීම - srilankabrief.org)

සබැඳි පුවත් :

ෆාමසි වලට නියෝගයක් ! - මැලේරියා ඖෂධ නිකුත් කරන්නේ බලාගෙනයි !! 

මැලේරියා ඖෂධය මෙරට කොරෝනා රෝගීන්ට ලබාදීමට අනුමැතිය!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්