අමා­ත්‍යාං­ශයේ ලේකම් එච්. එම්. බී. හේරත් විසින් ජය­ග්‍රා­හි­කට සහ­තික පත ප්‍රදා­නය කළ අයුරු. පසෙ­කින් ප්‍රවීණ ඡායා­රූප ශිල්පි කුමාර එදි­රි­සූ­රිය ද සිටී


රාජ්‍ය ඡායා­රූප උප­දේ­ශක සභාව විසින් වසර තුන­කට පසු සංවි­ධාන කරන ලද වෙසක් සිරි අසිරි – 2024 ඡායා­රූප තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන් ත්‍යාග පිරි­නැ­මීම සහ ඡායා­රූප ප්‍රද­ර්ශ­නය පසු­ගිය 31 වැනිදා කොළඹ කෞතු­කා­ගාර නව ප්‍රද­ර්ශන ශාලා­වේදී බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් එච්. එම්. බී. හේරත් ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

එම නිර්මාණ හිමි­ක­රු­වන්ට සහ­තික පත් ප්‍රදා­නය අමා­ත්‍යාංශ ලේකම් එච්. එම්. බී. හේරත්, සංස්කෘ­තික අධ්‍ය­ක්ෂකා යෂින්තා ගුණ­ව­ර්ධන සහ සහ­කාර අධ්‍යක්ෂ කසුන් සේනා­රත්න, ශ්‍රී ලංකා කලා මණ්ඩ­ලයේ සභා­පති ආචාර්ය ප්‍රනීත් අභ­ය­සු­න්දර අතින් සිදු විය.

වෙසක් අසිරිය ඡායාරූප ලෙසින් ගොනු කර අගයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ ලේකම් දයන්ත හේවගේ  උපදෙස් මත ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් යුතුව රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව විසින් ‘වෙසක් සිරි අසිරි’ නමින් ඡායාරූප තරගයක් සඳහා නිර්මාණ කැඳවන ලදී.

මෙලෙස තරගයක් සඳහා ඡායාරූප කැඳවූයේ හය වසරකට පමණ පසු ශ්‍රී ලංකාවාසීන් 2024 වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරූ බැවිනි.

මේ තරගය සඳහා ඡායාරූපික නිර්මාණ 200ක් පමණ ලැබුණු අතර මින් ප්‍රශස්ත මට්ටමේ ඡායාරූපික නිර්මාණ 64ක් ප්‍රදර්ශනය සඳහා තෝරා ගනු ලැබිණ.

වසර 03කට ආසන්න කාලයක නිහැඬියාවෙන් පසු රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ නව පරිපාලනය විසින් ආරම්භ කරන ලද වැඩසටහනේ ප්‍රථම පියවර වෙසක් සිරි අසිරි ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය යි.

(ජයසිරි අලවත්ත)

worky sin

නවතම පුවත්