හුනුපිටිය ගංගාරාම විහාරයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේගේ අභාවය සම්බන්ධයෙන් තමා අතිශය
කණගාටුවට ලක්වන බවත්, උන්වහන්සේ ගංගාරාම පූජනීය සිද්ධස්ථානය ඇතුළු විවිධ ප්‍රදේශවල අතිශය දක්ෂ ලෙස නිර්මාණශීලී සංවර්ධන කටයුතු රාශියක් සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේ වැඩසිටි ගංගාරාම විහාරයට ඊයේ (02) පස්වරුවේ ගිය අවස්ථාවේ දී ය.
කිසිදු අවස්ථාවක කුමන කාර්යකදීවත් අලස නොවී නිශ්චිත ඉලක්කයක් නිර්මාණය කර එම ඉලක්කය සම්පූර්ණයෙන් ම සාක්ෂාත් කර ගන්නට නියමිත කාලවකවානු සහිතව එම ඉලක්කය කරා යන්නට උන්වහන්සේ සෑමදාම කටයුතු කළ බවත්, එමෙන් ම අප රට බංකොලොත් වී ඇති මොහොතක උන්වහන්සේගේ මේ චරිතය, දර්ශනය සහ වැඩපිළිවෙළ අප රටට අතිශය වැදගත් බවත්, උන්වහන්සේගේ මේ අපවත් වීම පිළිබඳ සාතිශය සංවේගය සහ කණගාටුව පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි දී වැඩි දුරටත් පැවසී ය.