පළමු කොරෝනා ආසාදිතයා හමුවීමටත් මත්තෙන් කොරෝනා සටන අවසන්කර හිස සිඹ ජයග්‍රහණය සැමරීම තරම් අදූරදර්ශී මනෝ රාජික වූ පාලකයන්ට මහ පොලවේ ප්‍රශ්න හදුනාගත හැකිදැයි ඇත්තේ ගැටළුවක් බව පවසන හිටපු මුදල් ඇමති මංගල සමරවීර,  එවැනි තත්වයක් තුල මුලික ගැටළු වලට පිළිතුරු වගකිවයුතු අංශයන්ගෙන් පුද්ගලයන්ගෙන් නොලැබේනම් අප විසින්ම සොයාගත යුතු බව පවසයි. 

මේ දිනවල කොරෝනා වයිරසය නිසා සමාජ-ආර්ථික ක්‍රියාවලිය සාමාන්‍ය අයුරින් පවත්වා ගෙන යාමට සමාජයටම නොහැකිව ඇති නිසාත්, වයිරසය පාලනය කර ගැනීමට ආණ්ඩුව පනවා ඇති ඇඳිරි නීතිය නිසාත් සමාජයේ බහුතර පිරිසක් අනාථවී ඇත. 

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති මංගල සමරවීර, ''අප විසින්ම අපගේ ආරක්ෂාව සළසාගමු. මේ මාරාන්තික ව්‍යසනයෙන් ‘කොහොම හරි බේරෙමු’.'' යයි කියා සිටියි.

එම FB සටහනේ මෙසේද සඳහන් වේ.

''පළමු ආසාදිතයා හමුවීමටත් මත්තෙන් කොරෝනා සටන අවසන්කර හිස සිඹ ජයග්‍රහණය සැමරීම තරම් අදූරදර්ශී මනෝ රාජික පාලකයන්ට මහ පොලවේ ප්‍රශ්න හදුනාගත හැකිදැයි ඇත්තේ ගැටළුවකි. ඔවුන් අපෙන් වසන් කරන සත්‍ය නම් වසංගතය අප හිතනවාට වඩා සංකීර්ණ ගැටළු රැසක් නිර්මාණය කරන බවයි. ඔවුන් තවමත් සැබෑ ප්‍රශ්ණය හදුනාගෙන නැත. 

දවස් ගානකට බඩු එකතු කරගැනීමට නොහැකි වූ මිනිසුන් ඉස්සරහට කන්නෙ කොහොමද? ෆාමසියෙං ගන්න කියපු බෙහෙත් ටික ෆාමසියෙ නැත්තං ඒ බෙහෙත්ටික ගන්න ඇදිරිනීතිය බාධාවක් නම් ඒ මිනිසුන් ඉදිරියට ජීවත් වෙන්නේ කොහොමද? රුපියල් දාහෙ බඩු මල්ල ප්‍රමාණවත් නැතුව ආයෙත් බඩු මල්ල දීලා සල්ලි ඉල්ලගන්න මිනිස්සු කන්නෙ කොහොමද? ලබන මාසයේ සිට මාස් පඩි ලබන මිනිසුන්ගේ වේතන ගෙවන්නේ කොහොමද? මේ සියල්ල කෙරෝනා තරම්ම සාමාන්‍ය ජන ජීවිතය අන්ත අසරණ කරනු ඇත. 

මේවාට පිළිතුරු වගකිවයුතු අංශයන්ගෙන් පුද්ගලයන්ගෙන් නොලැබේනම් අප විසින්ම සොයාගත යුතු වෙයි. අපි අපේ ගෙදර මිනිසුන් ගැන වෙනදාට වඩා සිතමු, අසල්වැසියාට වෙනදාට වඩා ප්‍රේම කරමින් දුරස්වී සිටිමු, අනෙකාගේ බඩගින්දර ගැන සංවේදී වෙමු. අප විසින්ම අපගේ ආරක්ෂාව සළසාගමු. මේ මාරාන්තික ව්‍යසනයෙන් ‘කොහොම හරි බේරෙමු’.''

Ms msg 2020.04.01

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්