නව කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී අද (01)  ජිවිතක්ෂයට පත්ව ඇත. 

ඒ අනුව මෙරටින් වාර්තා වන 03 වන කොරෝනා මරණය මෙයවේ.

මෙසේ මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අනුව ඔහු පදිංචිව සිටි නිවාස සංකීර්ණයේ නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස මීට පැය කිහිපයකට පෙර දැනුම් දී තිබේ.

මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා විදෙස්ගතව පැමිණි පුද්ගලයෙකි. ඒ අනුව එම පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවා ද අද ගිලන් රථවලින් රැගෙන ගොස් ඇත.

අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි

කොරෝනා අසාදිත පුද්ගලයින් තිදෙනකු අද(1) හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි.

ඒ සමඟ  මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ.

මෙම ආසාදිතයෝ කුරුණෑගල, යාපනය සහ මරදාන යන  ප්‍රදේශයන්හි පුද්ගලයෝය .

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්