theleaderlk 01

කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 


එම පිරිස නිදහස් කර ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

"එතෙර අපි සංවිධානයේ" කුවේට් ශාඛාව  සංවිධානය කළ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගයේදී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අත් අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රසංගයේ සංවිධායකයන් සහ සංගීතවේදීන්ද සිටින බව අමාත්‍යවරයා කියා සිටියි. 

bhh

pe2024 2

worky sin

නවතම පුවත්