කොරෝනා වෛරසය ආසාදිත තෙවන මරණය ඊයේ (01) රාත්‍රියේ සිදු වූ අතර ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ

වෛද්‍ය අනිල් ජාසිංහ පැහැදිළි කිරීමක් සිදු කර ඇත.

එහි දැක්වෙන්නේ අදාළ මරණයට පත් වූ පුද්ගලයා 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි.

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ ඊයේ දිනයේදීම ය.

එසේ, එම රෝගියා හඳනාගෙන කොළඹ IDH රෝහල මාරු කරන අවස්ථාවේ මිය ගොස් ඇත.

මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන ලද අයෙකු බවත් හඳුනාගෙන තිබේ.

රෝගියා රෝහල් ගතව ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදීයි.

 

කොරෝනා ආසාදනයෙන් මියගිය තිදෙනාම 60 පැනපු පුද්ගලයින් !

The elderly need more attention during the Covid-19 pandemic | The ...

කොවිඩ් 19 කියන්නේ නව රෝගයක්. ඒ නිසා දරුණු රෝග තත්ත්ව ඇතිවීමේ අවදානම් සාධක ගැන තිබෙන තොරතුරුත් සීමිතයි. වර්තමානයේ ලබා ගත හැකි තොරතුරු සහ සායනික විශේෂඥතාව පදනම් කරගනිමින් සළකා බලන විට බරපතළ වෛද්‍ය තත්ත්වයක් ඇති ඕනෑම වයසේ ජනතාවක් සහ වයස් ගත වැඩිහිටියන් කොවිඩ් 19 බරපතල රෝගී තත්ත්වයට පත්වීමේ අවදානමක පසුවේ.

අද වන තෙක් ලබාගත හැකි තොරතුරු අනුව එලෙස බරපතල රෝගී තත්ත්වයට පත්වීමේ ඉහළ ම අවදානමක් සහිත පුද්ගලයන් වශයෙන් දැනට සැලකෙන්නේ, වයස අවුරුදු 65 ක් හෝ ඊට වැඩි පුද්ගලයන්.

කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේදී මියගිය තිදෙනාම වයස අවුරුදු 60 පැනපු පුද්ගලයින්වේ.

කොරෝනා රෝගය හේතුවෙන් මෙරට ප්‍රථම මරණය මාර්තු 28දා වාර්තා වූ අතර මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.

ලංකාවේ දෙවන කොරෝනා මරණය වාර්තා වුයේ මාර්තු 30 දා ය. ගිය පුද්ගලයා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64ක අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදිත තෙවන මරණය ඊයේ (අප්‍රේල් 01) රාත්‍රියේ සිදු වූ අතර ඔහු කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි අයෙකු වේ.

 

ගත යුතු ක්‍රියාමාර්ග මොනවද ?

    # නිවසටම වී සිටින්න.

    # නිතර නිතර අත් සෝදන්න.

    # සෙස්සන් සමීපයේ නොසිටින්න (අඩි හයක් නැතිනම් අතේ දුර දෙකක් ඈතින් සිටින්න) මෙම උපදේශය රෝගී මෙන්ම රෝගී බවක් නොපෙනෙන අයටද අදාළ වේ.

    # නිරතුරුව අතපාත ගාන මතුපිටවල් නිරතුරුව සේදීම හා විෂබීජහරණය සිදු කරන්න.

    # හැකිතාක් දුරට ගමන් බිමන් නවතා දමන්න. සමීපයේ සිටිමින් ගමන් කිරීම කොහොමටත් අයෝග්‍යයයි.

    # ඔබට (හෝ පවුලේ කෙනෙකුට) කොවිඩ් 19 ගැන සැකයක් ඇත්නම් වහාම සෞඛ්‍ය බලධාරීන්ට දුරකථනයෙන් දැනුම් දෙන්න.

උපුටා ගැනීම් :  thathu.com - ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ කේන්ද්‍ර(Centers for Disease Control and Prevention – CDC ) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ(World Health Organization WHO) වෙබ් අඩවි ඇසුරෙනි)

සබැඳි පුවත් :

අනිවාර්යයෙන් ම කියවිය යුතු ලිපියක් : කොරෝනා වලින් මියගිය බොහෝ දෙනෙක් 60 පැනපු අය : මහළු අය සියල්ලන්ම පූර්වාරක්ෂාව සලසාගත යුතු ද? (VIDEO)

*************************************

Covid add 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්