theleaderlk 01

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කරයි.

"සර්වජන අපේක්ෂාව ප්‍රකාශයට පත් කිරීම" හෙවත් සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජනගත කිරීම අද(04) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති එම දේශපාලන එකමුතුවේ නියෝජිත සමුළුවේදී සිදු කළ අතර එහිදී සර්වජන බලය විධායක සභාවේ ඒකමතික තීරණය පරිදි මව්බිම ජනතා පක්‍ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවිර සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තෝරා පත් කරගත් බව නියෝජිත සමුළුව අමතමින් සර්වජන බලය විධායක සභාව වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ ප්‍රකාශයට පත් කළේය.

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, සර්වජන බලය විධායක සභික, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, සර්වජන බලය  විධායක සභික ජී. වී .ඩී. තිලකසිරි, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන යන පක්ෂ නායකයෝ මෙන්ම සර්වජන බලය  දේශපාලන එකමුතුවට අයත් පක්ෂවල සෙසු නායක නායිකාවෝ ද එක්ව සිටියහ.


xfget2341

 

pe2024 2

worky sin

නවතම පුවත්