අසාමාන්‍යතා සහිත දරුවන් හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීමේ වැඩසටහනේ නුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් අගෝස්තු මස ප්‍රවර්ධන සමාරම්භක උත්සවය
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් පෙරේදා (අගෝ. 03) පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ අසාමාන්‍යතා සහිත සංවර්ධනය නොවූ දරුවන් හඳුනාගෙන පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර සේවා ලබාදී, එම දරුවන්ගේ මනස දියුණු කර ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි.
දැනට මෙම ව්‍යාපෘතිය කොළඹ, ගම්පහ, නුවර, මඩකළපුව සහ කළුතර වශයෙන් දිස්ත්‍රික්ක 05ක ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන තව තවත් ජනප්‍රිය කිරීමේ අරමුණින් අගොස්තු මාසය “Include Month” ලෙස නම් කරමින් එහි සමාරම්භක ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 03වන දින මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නැංවී ය.
ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කේන්ද්‍ර කරගෙන පැවති මෙම සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දාහතරක මොළය සංවර්ධනය නොවූ ළමුන් තිහක් පමණ සහභාගි කරගෙන තිබුණි.
සංවර්ධනය ආශ්රිත යම් කිසි ගැටලු සහිත දරුවන්ට සේවා සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යාංශය අවධානය යොමු කරමින් 2020 වසරේ “අන්තර්කරණ මුල් ළමාවිය වැඩසටහන” (Inclusive Early Childhood Development programme) නමින් මෙම වැඩසටහන ආරම්භ කරන්නට යෙදුණ අතර, මෙහි දී සියලු ම දරුවන්ට ලබාදෙන සෞඛ්‍ය සේවා සමග සංවර්ධන ප්‍රමාද හෝ සංවර්ධන ගැටලු සහිත දරුවන්ට තවදුරටත් ප්‍රතිකාර සේවා කොටසක් සැපයීමට කටයුතු කරයි. ඒ සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරු, භෞතවේද, භාෂා කථනවේද සහ වෘත්තීයමය චිකිත්සක ඇතුළු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන අතර, එමගින් ඉහත දරුවන් ඇගයීමකට ලක් කර, ගැටලු හඳුනාගෙන ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ මොළය සංවර්ධනය කිරීමට අදාළ උපදෙස් දෙමාපියන්ට ලබාදෙනු ඇත.
සෑම පුද්ගලයකුගේ ම සම්පූර්ණ අනන්‍යතාව රඳා පවතින්නේ එම පුද්ගලයාගේ මොළය මත වන අතර, මොළය සංවර්ධනය සියයට අසූවක්ම සීඝ්රයෙන් සිදුවන්නේ උපතේ සිට පළමු වසර තුන තුළ ය. මෙම කාලය තුළ දරුවන් රැකබලා ගැනීම, සංවර්ධනයට අවශ්‍ය පාරිසරික සාධක ලබාදීම සහ සංවර්ධනයේ යම් කිසි ගැටලු, ප්‍රමාද තිබේ නම් එවා හඳුනා ගැනීමටත්, දෙමාපියන්ගේ සහ ප්‍රජාවගේ විශේෂ අවධානයක් තිබිය යුතුය. එමගින් ඉහත ගැටලුව නිරාකරණය කර ගත හැකි වනු ඇත.
සෑම දරුවෙක් ම එක් එක් වයස් කාණ්ඩවල දී නිසි මානසික සංවර්ධනයේ ලක්ෂණ, ක්‍රියාකාරකම් පෙන්විය යුතු අතර, එම ක්‍රියාකාරකම් නිරීක්ෂණය සහ හඳුනා ගැනීම මගින් අසමාන්‍යතා ෙපෙන්නුම් කරන්නේ නම් ඒ තුළින් රෝගී දරුවන් වෙන් කර හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ද අධීක්ෂණය යටතේ ඉදිරි ප්‍රතිකාර සේවාව සඳහා යොමු කළ හැකි ය.
මෙම අවස්ථාවට මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රන්නාදු, මහනුවර දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අරුණ එගොඩවත්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගේ උපදෙස් සහ මගපෙන්වීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
(ජයසිරි අලවත්ත)