theleaderlk 01

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් බොහෝ කාර්යයන් සඳහා මුල පිරූයේ ඊට අවශ්‍ය සියලු සම්පත් සහිතව නොවේ යැයිද උන්වහන්සේට තිබුණේ සංවිධාන හැකියාව

සහ අධිෂ්ඨානය පමණක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා මෙසේද සඳහන් කරයි.

add

පොඩි හාමුදුරුවන්ට ජනපති අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (04) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දායක සභාවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

ගංගාරාම විහාරාධිකාරි  ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සමඟ කෙටි සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ කටයුතු ද සොයා බැලීය.


threo

WhatsApp Image 2024 08 05 at 08.11.59




ගල්බොඩ නාහිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද

ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු වූ අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (05) පස්වරු 4.30ට විහාරස්ථාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

ගංගාරාම විහාරස්ථානයේ තැන්පත්කර ඇති නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පෙරේදා (03) සිට විශාල පිරිසක් පැමිණෙමින් තිබුණි. ඒ අතර මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයන් මෙන්ම සර්ව ආගමිකයන් ද පැමිණෙමින් සිටියහ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරුන්ද, විදේශ රටවල තානාපති අංශවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ද, නිලධාරීන්ද විදේශිකයන්ද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණියහ.

දිවයින පුරා සිටින බෞද්ධ ජනතාව ගම්බිම්වලින් බස් රථවලින් පැමිණ අවසන් ගෞරව දැක්වීමට දිගු පෝලිංවලට එක්ව සිටි අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන වර්ග සැපයීමට ස්වේච්ඡාවෙන් ආයතන එක්ව සිටිති.

pe2024 2

worky sin

නවතම පුවත්