ගලබොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්නේ සංවර්ධනයේ පුරෝගාමී යතිවරයෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
උන්වහන්සේගේ අපවත්වීම රටට ම අසීමිත පාඩුවක් බවත් උන්වහන්සේගේ චරිතය රටේ සියලු ම දෙනාට ආදර්ශමත් චරිතයක් ලෙස හඳුන්වා දීමට හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ඊයේ පස්වරුවේ ගංගාරාම විහාරයට පැමිණි අවස්ථාවේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
‘‘රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගම්උදා සංකල්පය යටතේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරද්දි ගලබොඩ ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේ ඊට සමාන්තරව නිවාස නොමැති ජනතාවට නිවාස සදා දීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ වගේ ම ගලබොඩ ඥානිස්සර මහනායක ස්වාමීන් වහන්සේ අතිශයින් දක්ෂ, අධිෂ්ඨාන ශක්තියකින් හෙබි, ඕනෑ ම ඉලක්කයක් සපුරා ගැනීමේ ධාරණ ශක්තිය සහ හැකියාව තිබූ ස්වාමීන් වහන්සේ නමක්.’’