theleaderlk 01

ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිරිපාල අමරසිංහ එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් අද (5) පෙරවරුවේ තැන්පත් කළේය.


සිරිපාල අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.  

සිරිපාල අමරසිංහ මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ 15 වෙනියා වන අතර හයවැනි ස්වාධීන අපේක්‍ෂකයා ද වේ.

සිරිපාල අමරසිංහ මේවනවිට නිමල් ලන්සා ප්‍රමුඛ නව සන්ධානයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරියා ලෙස කටයුතු කරයි. 

ජනාධිපතිවරනයේදී ප්‍රධාන අපේක්ෂකයින්ට සහය පළකරමින් 'ඩමී' අපේක්ෂයින් ඉදිරිපත්වීම පසුගිය ජනාධිපතිවරණ වලදී ද දක්නට ලැබිණ.

pe2024 2

worky sin

නවතම පුවත්