පළමු ඡන්දෙන් ම තමා වැඩිම මනාප දිනා පළමුවැනියා වන බව කියද්දී තම පැරණි නායකයා සිනාසුණු නමුත් පැවති දේශපාලන ක්‍රමය
වෙනස් කිරීමේ අරමුණෙන් තරගකර සමස්ත බස්නාහිර පළාතේ වැඩිම ඡන්ද දිනා ගැනීමට තමා සමත් වූ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසිය.
දෙදහස් එකොළහ දොළහ කාලය වන විට මෙරට දේශපාලකයන් සමාජ පිළිලයක් ආකාරයෙන් ජාතිවාදය, ආගම්වාදය වපුරද්දී තමා දේශපාලන ප්‍රවේශයක් ලබා ගත යුතුයැයි තීරණය කළ බවත්, අධ්‍යයාපනයෙන්, සංවර්ධනයෙන්, විරැකියාවෙන් අතිදුෂ්කරව පැවති කොලොන්නාව ප්‍රදේශය අවසන් වසර 10 තුළ සාධනීය දියුණුවකට රැගෙන ඒමට තමා සමත් වී ඇති බවත් ඔහු කියා සිටියි.
මරික්කාර් මන්ත්‍රීවරයා මෙලෙස පැවසුවේ කොලොන්නාව මංගලපාය පරිශ්රරයේ ඊයේ (04) පැවති My Future - තරුණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
තමාට ප්‍රථමයා විය නොහැකි බව සිතු එජාප නායකයා තම ජයග්රරණයෙන් පසු ආසනයක් ලබා දීමට සැරසෙද්දී තමා කොලොන්නාව ආසනය ඉල්ලා ගත් හේතු මන්ත්‍රිවරයා මෙලෙස පැහැදිලි කළේය.
කොලොන්නාවෙ භූමි වටිනාකම වැඩි කරේ මම
මීට වසර දහයකට ආසනය කොලොන්නාව ආසනය සහ ලෝ ලෙවෙල් පාර තිබුණෙ කොහොමද කියල ඔබ තමුන්නාන්සේලා දන්නව ඇති. කොලොන්නාව ආසන සංවිධායක ධුරය භාර අරගෙන ලෝ ලෙවෙල් මාර්ගය සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරද්දී මට හුඟ දෙනෙක් අවවාද කරේ ලොකු වැඩකට අත නොගසා පොඩි පොඩි පාරවල් ගොඩක් හදන්න කියලා.
මම හඳුනාගෙන ඉන්න විදියට අඩු මුදලකට කොළඹ නගරාසන්නව වාසය කිරීම සඳහා වාර්ෂිකව මේ ප්‍රදේශයට පිට පළාත්වලින් පුද්ගලයන් සංක්‍රමණය වෙනවා. ඊට ප්‍රධානතම හේතුව කොලොන්නාව ආශ්රිත ඉඩම් මිල ඉතා අඩු අගයක එසේත් නැතිනම් නොවටිනා අගයක පැවතීම. මගේ දැඩි අධිෂ්ඨානය උණේ කොලොන්නාවේ භුමි වටිනාකම පර්චසයක් ලක්ෂ 50/60 වගේ අගයක් දක්වා ඉහළ නැංවීම. ඒ අසීරු අභියෝගය ජය ගන්න කුවේට් රාජ්‍යයේ අනුග්‍රහය ලබා ගැනීමටත්, අදාළ මිලියන 16,500ක ආයෝජනය තුළින් ලෝ ලෙවෙල් මාර්ගය සංවර්ධනය කරන්නටත් කොලොන්නාව ආසනයේ සෑම බිම් කඩකම වටිනාකම ඉහළ නංවාලීමටත් මට පුළුවන් උණා.
අද වැල්ලම්පිටිය නගරය පහු කරල යද්දී: කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශවල සිද්ධවෙලා තියෙන සංවර්ධනය දැක්කම මට සතුටක් වගේ ම ආඩම්බරයක් දැනෙනවා. නමුත් පාරවල් සංවර්ධනය වෙච්ච පමණින්ම කොලොන්නාව කිසිම විටෙක කොළඹ දිස්ත්‍රීක්කයේ දියුණුතම නගරය බවට පත් නොවුනත් ප්‍රදේශය දියුණු කිරීම ප්‍රධානතම අවශ්‍යතාවයක් විදියට මම එදා හඳුනාගත්තා.
කොළොන්නාවෙ ගං වතුර පාලනය කලෙත් මම
ඒ සිදුවීමෙන් පස්සෙ කොලොන්නාව හා කැලණි ගඟ ආශ්රිත ගංවතුර ප්රශ්නය නිමා කරන්න මම තීරණය කරා. ඒ තීරණයට අනුව ලක්ෂ 30,000ක වියදමින් කළු පාලම ජල පාලන දොරටුව, අඹතලේ, නාගලගම් වීදිය හා ගොතටුව පොම්පාගාර පද්ධති මේ වන විටත් ඉඳිකර අවසන්.
අදාළ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් විදියට මේ වසරේ කැලණි ගං පෝෂක කලාපයට මිලිමීටර 450ක අධික වර්ෂාපතනයක් ඇදහැලෙද්දි පවා කොලොන්නාව ප්‍රදේශයට බලපෑවේ සුළු ගංවතුර තත්ත්වයක් විතරයි. ඒ ගංවතුර පාලන ව්‍යාපෘතිය අංගසම්පුර්ණ කරන්න තවත් සුළු වැඩකොටසක් තියෙනවා. ළඟදි ම ඒ වැඩ කොටසත් නිමා කිරීමට හැකියාව ලැබෙයි කියල මම විශ්වාස කරනවා.
මගේ බලාපොරොත්තුව සුන්දර කොලොන්නාවක්
උදාහරණයක් විදියට කොලොන්නාව ආසනයෙ පාසල් විස්සක් ස්ථාපිත උණාට නිසි අධ්‍යාපන පහසුකම් සහිත පිරිමි පාසලක් නෑ. ජීවත් වෙන්න සුදුසු පරිදි සුන්දර හා දියුණු කොලොන්නාවක් නිර්මාණය කිරීම මගේ බලාපොරොත්තුවක්. ඒ අනුව කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය, මුල්ලේරියාව රාහුල විද්‍යාලය සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය ජාතික පාසල් මට්ටමට නගා සිටුවීමට නියමිතයි.
හරිත නගර සංකල්පයෙන් ගොඩනැගෙන මීතොටමුල්ල ප්‍රදේශයේ, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සමාන ත්‍රෛ භාෂා මාධ්‍ය පාසලක් පිහිටුවන්න නියමිතයි. ත්‍රී රෝද රථය පදවන තාත්තගේ පුතා.., විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තත්වයක්, ස්වයං රැකියාවක නියුතු අම්මාගේ දුව..., රජයේ විධායක ශ්‍රේණියේ රැකියා නියුක්තිය හිමිවන සංස්කෘතියක් මගේ දේශපාලනයේ බලාපොරොත්තුවක්.
අනාගතයෙදි ජාතික තලයේ ක්‍රීඩකයින් පුහුණු කරනවා
අපි දීපව්‍යාප්ත තරගාවලි අතරතුර පුහුණුව ලබා දුන්නා. මම සිරස මාධ්‍ය ජාලයේ කටයුතු කරන සමයේ තමයි පැයට කිලෝ මීටර 140 පරයා පන්දු යවන්නන්, චම්පක රාමනායක වගේ ම අනුෂ සමරනායක යන මහත්වරු ලබා දුන් විශේෂ පුහුණුවත් එක්ක සාමාන්‍ය සමාජයේ හිටපු අසාමාන්‍ය දක්ෂයින් කල එළි දුටුවේ.
කොලොන්නාව බලප්‍රදේශයේ අනාගත සැලසුම එළිදැක්වූ My Future - තරුණ සමුළුව සඳහා ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්, ඔගිල්වි ප්‍රචාරණ මාධ්‍ය සමුහයේ කළමනාකාර අධ්යක්ෂ ලලිත් සුමනසිරි, මනෝවිද්‍යාඥ අසංක විජේරත්න, ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේ සහ ගායන ශිල්පී නිලාන් හෙට්ටිආරච්චි ද එක්ව සිටියහ.
(ජයසිරි අලවත්ත)