theleaderlk 01

ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (5) ඇප මුදල්

තැන්පත් කෙරිණ.

ඔහු ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතය.

මෙයට අමතරව වෘත්තීයවේදී ධම්මික රත්නායක ද අද ඇප  මුදල් තැන්පත් කර ඇති බව කොමිසම සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතා  2010 වසරේ පැවති ජනපතිවරණයට ඉදිරිපත්වී  ඉන් පරාජයට පත්විය.

මේ අනුව  ජනාධිපතිවරණයට ඇප  මුදල්  තැන්පත් කර ඇති සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ යන්නේය.

මෙවර ජනාධිපතිවරණයට වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්  වනු ඇතැයි මැතිවරණ විශ්ලේෂකයෝ සඳහන් කරති.

විජයදාසට ආණ්ඩුවෙ පසුපෙළ පුටුවක්

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ ට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් අසුන් ගන්නා ආසනවලට පසුපසින් හිටපු අමාත්‍යවරුන්ට වෙන්කර ඇති ආසනවලින් එකක් ඔහුට වෙන් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් ඔහු විපක්ෂයේ අසුනක් වෙන් කරන්නැයි ඉල්ලීමක් කළහොත් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සලසා දීමට පාර්ලිමේන්තු  ප්‍රධානීන් බැඳී සිටින බව දැනගන්නට ඇත.

විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔහු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වීම  හේතුවෙනි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය නොදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  මන්ත්‍රී කණ්ඩායමට මෙතෙක් විපක්ෂයේ  අසුන් පැනවීමට තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

ඔවුනටද විපක්ෂයේ අසුන් පනවන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී හෙට ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)

pe2024 2

worky sin

නවතම පුවත්