theleaderlk 01

තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා ඇත.


මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු වහා කොමිෂන් සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගෙන ඒ අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ඉදිරි මැතිවරණ රාජකාරී කටයුතුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  පිළිගත යුත්තේ කුමන පාර්ශ්වය දැයි ගැටලුවක් මතුවූ හෙයින් නීතිපතිවරයාගේ අදහස විමසීමට කොමිෂන් සභාව මෙසේ තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වශයෙන් කොටස් තුනකට බෙදී පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කර සිටින අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂකයා හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ය. 

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)


pe2024 2

worky sin

නවතම පුවත්