ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු පත්කිරීමේ තීරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කැමැත්තක් නොතිබූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේය.
ඊයේ රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය අභ්‍යන්තරයේ හිටපු සාකච්ඡාවලට අපි ඉඳලා තියෙනවා. අදටත් ඔය කියන දේශපාලන මණ්ඩල රැස්වීමට දවස් දෙකකට කලින් පොහොට්ටුවේ මන්ත්‍රීවරු 30දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා එක්ක සාකච්ඡා කරපුවාම, එතුමා කිව්වේ මම සහමුලින් විරුද්ධයි වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාට අපි රනිල්ට සහාය දිය යුතුයි එතුමා මේ කරගෙන යන වැඩපිළිවෙළට ඒ නිසා පක්ෂයෙන් අපේක්ෂයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ කියන එක තමයි එතුමා කිව්වේ... මම විතරක් නෙමෙයි සාක්ෂියට තව 29 දෙනෙක් ඉන්නවා."
ප්රශ්නය -
ඇත්තටම පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂයෙක් දාන්න ඕනේ වුණේ කාටද ?
දිලුම් -
"දැන් කියන දේවල්වල හැටියට සහ එදා දේශපාලන මණ්ඩලයේදී මහ ලේකම්තුමා ප්‍රකාශ කළ විදිහට මහ ලේකම්තුමා තමයි ඒක ප්‍රකාශ කරන්නේ. හැබැයි එතුමාගේ තනි වුවමනාව වෙන්න විදිහක් නැහැ."