theleaderlk 01

ප්‍රකට ව්‍යවසායක ධම්මික පෙරේරා පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කිරීම, එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ විසින් හෙට (07) උදැසන 7.30ට සුබ මොහොතින් සිදු කිරීමට නියමිතව තිබේ.


ඊට අදාල උත්සවය කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට පරිශ්‍රයේදී සිදුකිරීම කටයුතු යොදා තිබුනද එම ස්ථානය වෙනස් කොට නෙලුම් මාවත පක්ෂ මුලස්ථානයේදී එම උත්සවය පැවැත්වීමට තීරණය කර ඇත. 

මෙම අවස්ථාව සජීවී ලෙස විකාශය කිරීමට රුපවාහිනී හා සමාජ මාධ්‍ය ආයතන කිහිපයක් ම දැනටමත් කටයුතු යොදා ඇත. 

හෙට දිනයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වහාම ඇප මුදල් තැම්පත් කිරීමට තීරණය කර ඇත.

 

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත්කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා තීරණය කරනු ලැබීය.

 

එම තීරණයත් සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පළකිරීමට තීරණය කළ අතර එලෙස ජනාධිපතිවරයාට සහය පළකිරීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන මේ වන විට කටයුතු කර තිබේ.

ඒ අනුව නව සංවිධායකවරුන් යටතේ දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී හොරණ ප්‍රදේශයේ පාක්ෂිකයින් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවය.

 
 
 

pe2024 2

worky sin

නවතම පුවත්