ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට ව්‍යවසායක ධම්මික පෙරේරා තීරණය කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
පෞද්ගලික කාරණයක් ඊට හේතුවී ඇතැයි ද පැවසේ.
පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙට (07) උදැසන 7.30ට යෙදෙන සුබ මොහොතින් ධම්මික පෙරේරාගේ නම ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණ.
ඊට අදාල උත්සවය කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට පරිශ්‍රයේදී සිදුකිරීම කටයුතු යොදා තිබුනද එම ස්ථානය වෙනස් කොට නෙලුම් මාවත පක්ෂ මුලස්ථානයේදී එම උත්සවය පැවැත්වීමට ද තීරණය කර තිබිණ.
පෝස්ටර් ප්‍රචාරයක්?
ධම්මික පෙරේරා ජනපති සටනට ඉදිරිපත් වන බවට ඊයේ (5) රාත්‍රියේ පෝස්ටර් ප්‍රචාරයක් සිදු කර තිබුණි.
මේ පිළිබඳ අදහස් පළ කරන ඇතැම් දේශපාලන මත පළකරන්නන් කියා සිටින්නේ මෙම ප්‍රචාරණය ද ඇතැම් විට ඡන්ද ව්‍යාපාරයේම කොටසක් විය හැකි බවයි.